පොලීසියට හොරු පැනලා බඩු හොරා කාලා
අගුණකොළපැලැස්ස පොලිසිය පවසන පරිදි පරීක්ෂණයක් සඳහා ගොස් සිටියදී පොලිස් ජංගම රථයේ තිබූ තාවකාලික රියදුරු බලපත්‍ර පොත සහ පොලිස් වැසුමක් රැගෙන පලා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, සැකකෘ මෙම භාණ්ඩ ඇඹිලිපිටිය ඇඹිලිපිටිය පොලිස් අධිකාරීවරයාය වෙත බාරදීමෙන් පසු අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි.
අගුණකොළපැලැස්ස බරවකුඹුක ප්‍රදේශයේ නිවසක කලහකාරී ලෙස පුද්ගලයෙකු හැසිරෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ලද පණිවිඩයකට අනුව පොලිස්. සැරයන්වරයකු ජංගම රථයෙන් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ සිටි තරුණයෙකු කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය සඳහන් කරයි.
කලහකාරී ලෙස හැසිරුණු එම තරුණයා නිවසින් පිටතට පැමිණ පොලිස් ජංගම රථයේ තිබූ තාවකාලික සහ රියදුරු බලපත්‍ර පොත සහ සැරයන්වරයාගේ හිස් වැසුමක් රැගෙන පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
පලා ගිය තරුණයා පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති වීම නිසා, සැරයන්වරයා අගුණකොළපැලැස්ස පොලිසියට සිද්ධිය පිළිබඳව දැනුම් දී තිබේ.
අදාළ තරුණයා, සිද්ධිය වූ රාත්‍රියේ ඇඹිලිපිටිය කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හමුවට පැමිණ සියලු භාණ්ඩ බාරදී ඇත. එම දැනුම්දීම අනුව, අගුණකොළපැලැස්ස පොලිසිය පැමිණ තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.