අද කොළඹ හදිසි රථවාහන පරීක්ෂාවක් - හේතුව මෙන්න
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ හා කඩවත පිටවීමේ පිවිසුමෙන් පිටවන සියලූම රථවාහන අද (18) දින උදෑසන පරීක්ෂාවකට ලක් කර ඇත.
ඒ මත්ද්‍රව්‍ය හා අපරාධ වැළැක්වීමේ අරමුණින්.
එසේම මෙහිදී කඩවත පිටවීමේ පිවිසුමේදී නීති විරෝධී මත්පැන් බෝතල් හතලිස් පහක් සමඟ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඊට අමතරව රථ වාහන බලපත්‍ර නොමැතිව රිය ධාවනය කළ පුද්ගලයන්ට මෙහිදි නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට පොලීසිය කටයුතු කර ඇති බවද වාර්තා වේ.