ගිනි තියපු ගෙවල් හදන්න පොහොට්ටුවේ අයට ටිකට් ඇදුනු හැටි.
පසුගිය අරගලයේදී ගිනි තැබීමට ලක් වූ පොහොට්ටු පක්ෂ මැති ඇමතිවරුන්ගේ නිවාස යළි ගොඩ නැගීමට ලක්ෂ දෙසීය ගණනේ ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා.
නමුත් හපුගල පිහිටි තම නිවස ද අරගලයේදී දී කිසියම් පිරිසක් විසින් ගිනි තැබූ නමුත්, එම නිවස යළි ගොඩ නැගීම සඳහා තමන්ට කිසිදු මුදලක් නොලැබුණු බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් පවසන්නේ, ගිනිගත් නිවස යළි ගොඩ නැගීමට රජයෙන් මුදල් නොබුණු එක වඩාත් හොඳ බවත්,ඉන් තමන්ගේ ස්වාධීනත්වය ආරක්ෂාවන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |