ජාතිවාදී දේශපාලනයකට රටේ ඉඩක් නැහැ - ජනපති

Anura Kumara Dissanayaka President of Sri lanka Sinhala news
By Hashini Apr 19, 2025 11:00 AM GMT
Hashini

Hashini

Report

 ජාතිවාදය පරාජය කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සකස් කර හෝ මෙරට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා සඳහන් කළේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන බවත් සෑම කෙනෙකුටම තමන් කැමති දේශපාලනයක නිරත වීමේ අයිතියට ගරු කරන බවත්ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ තලවකැලේ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින්.

වත්මන් ආණ්ඩුව ගොඩනගනු ලැබුවේ උතුරු නැගෙනහිර, කඳුරට, දකුණ ඇතුළු සියලු ජනතාවගේ සහභාගීත්වයෙන් බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

දළදා බලන්න එනකොට විශාල ගමන් මලු රැගෙන එන්න එපා

දළදා බලන්න එනකොට විශාල ගමන් මලු රැගෙන එන්න එපා

වත්මන් දරු පරපුරට යළි යුද නොකරන රටක් ගොඩනැගීම සඳහා කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

"රටක් ඉදිරියට යද්දි වැදගත්ම දේ ආර්ථික ස්ථාවරත්වය හදන්න ඕනා. එත් අපිට තිබුණේ අස්ථාවර ආර්ථිකයක්. ආර්ථිකය පිළිබඳව විශාල සැකයක් තිබුණා. ඒත් අපේ පාලන කාලය තුළ ක්‍රමානුකූලව සකස් වෙලා තියෙනවා රටේ ආර්ථිකය යළි ස්ථාවර කරන්න. මේ සිංහල හා දෙමළ අවුරුද්ද තමයි ලංකාවේ ජනතාව එක් රැස් වෙලා ප්‍රබෝදයෙන් සමරපු අවුරුද්ද. ඒක අපිට පේනවා ක්‍රමානුකූලව ජනතාව සාමාන්‍ය ජන ජීවිතයට හුරු වෙනවා."

මෙරට ප්‍රධාන බෝග නිෂ්පාදනය මුල් මාස දෙකේ පහලට

මෙරට ප්‍රධාන බෝග නිෂ්පාදනය මුල් මාස දෙකේ පහලට


ReeCha