දළදා බලන්න එනකොට විශාල ගමන් මලු රැගෙන එන්න එපා
By Hashini
යුධ හමුදාව විසින් දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට පැමිණෙද්දී විශාල ප්‍රමාණයේ ගමන් මලු රැගෙන නොඑන ලෙසයි.
මීට පෙරද යුද හමුදාව මෙම ඉල්ලීම කර තිබු නමුත් ඒ පිලිබඳ සැදැහැවතුන් අවධානයක් යොමු කර නොමැති බවයි නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.
දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුල දළදා වහන්සේගේ හා දළදා මාළිගාව අවට ආරක්ෂාව මෙන්ම බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.