මහජන උපයෝගිතා කොමිසම කළ ඉල්ලීමට ලං.වි.ම ප්‍රතිචාරයක් නෑ...

Report

අද ( 22) වැනිදා විදුලි ගාස්තු පහළ දැමීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවස්ථා දෙකක දී කළ ඉල්ලීමට විදුලිබල මණ්ඩලය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පොලිසියෙන් ගැළවෙන්න උඩුමහලින් පැන දිවි ගමනට සමු දුන් සුරූපිණිය...

පොලිසියෙන් ගැළවෙන්න උඩුමහලින් පැන දිවි ගමනට සමු දුන් සුරූපිණිය...

එදිනට නියමිත කටයුුතුවලට පෙර ප්‍රකාශයක් කරමින් මේ බව පැවසු විපක්ෂනායකවරයා මෙලෙස අදහස් දැක්විය. '

'අධික වර්ෂාපතනයක් ලැබෙන අවස්ථාවේ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් ඉතා ඉහළට ඇවිත් තිබෙනවා. කාසල්රී, මාවුස්සාකැලේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල,සමනල වැව යනාදී ජලාශවල ජල මට්ටම් ඉතා ඉහළ මට්ටම්වලට ඇවිත්. 15% සහ 20% ප්‍රමාණයේ සිට 31% දක්වා එම ප්‍රමාණය වැඩි වී තිබෙනවා. එවන් මොහොතක මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවස්ථා දෙකකදී මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා විදුලි බිල පහළ දැමීම සඳහා යෝජනා ඉදිරිපත් කරන්න කියලා. නමුත් තවමත් ඒ සඳහා යෝජනා ඉදිරිපත් වෙලා නැහැ.''

ලබන 27 මහ බැංකුවෙන් පොලී අනුපාතික ගැන තීරණයක්...

ලබන 27 මහ බැංකුවෙන් පොලී අනුපාතික ගැන තීරණයක්...

ඒ අනුව, ජල විදුලිය උත්පාදනය වැඩි වීම තුළ එම වාසිය විදුලි පාරිභෝගිකයන්ට ඉක්මනින්ම ලබාදෙන ලෙස විදුලි බල ඇමැතිතුමාගෙන් ඉල්ලීමක් කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.