ලබන 27 මහ බැංකුවෙන් පොලී අනුපාතික ගැන තීරණයක්...

Report

එළඹෙන සඳුදා (27) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 වසරේ 03 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය සඳහා  රැස්වීමට නියමිත බව වාර්තා වේ.

එකවරම ඉහළ ගිය ඉන්ධන අලෙවිය ...

එකවරම ඉහළ ගිය ඉන්ධන අලෙවිය ...

එහිදී ප්‍රතිපත්ති පොලී අනුපාතික සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මීට පෙර 2024 වසරේ දෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය සඳහා 2024 මාර්තු 25 දින රැස්වුණි.

ප්‍රතිපත්ති පොලී අනුපාතික පහළ දැමීමට තීරණය කෙරුණි.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක්...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක්...

ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)  8.5% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)  9.5% දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබුණි.

කෙසේ වෙතත්, සඳුදා (27) දින රැස්වීමේ දී මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික සංශෝධනය කරනවාද නැතහොත් පවතින මට්ටමේ ම පවත්වාගෙන යනවාද යන තීරණය ගැනීමට නියමිත ය.