ඉන්ධන නෑ.. එකපාරටම මේ මොකක්ද වුණේ?.
මේ (05) දා සිට මගීන් පිරිසක් පීඩාවකට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ කන්කසන්තුරේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් වෙත යාමට නියමිතව තිබූ ‘’ශිවගංගී’’ මගී නෞකාවේ ඉන්ධන අවසන් වීම නිසා එම ගමන අවලංගු කිරීමට තීරණය කිරීමත් සමගම මගීන් 103 දෙනෙකු බවයි තොරතුරු වාර්තා වන්නේ.
එම මගී නෞකාව ඉන්දියාවේ සිට කන්කසන්තුරේ වරාය වෙත සේන්දු වී ඇත.
ආපසු ඉන්දියාව බලා පිටත්ව යාමට සූදානම් වූ අවස්ථාවේදී ප්රමාණවත් ලෙස ඉන්ධන නොමැති බව හෙළි වී තිබෙනවා.
මේ නිසා එම නැවට ගොඩ කරන ලද මගීන් ආපසු නැවෙන් බස්සවා ඇති අතර මගීන්ට නිකුත් කළ ප්රවේශ පත්ර වෙනුවෙන් වෙනත් දිනයක් ලබා දීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එම මගි නෞකාවට කන්කසන්තුරේ වරායෙන් ඉන්ධන ලබා ගැනිමට යාමේදී ගැටලුවක් පැන නැගී ඇති බව වාර්තා වේ.
එමෙන්ම, වාර්තා වන්නේ ‘’ශිව ගංගී’’ මගී නෞකාවට මේ වන තුරුත් ප්රමාණවත් ලෙස ඉන්ධන ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.
එම නෞකාව තවමත් කන්කසන්තුරේ වරායේ නැංගුරම් ලා තිබෙන බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ අද (06) දිනයේ ද එම නෞකාව ඉන්දියාව බලා පිටත්වීමක් ගැන කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවයි.