වෙළෙඳපොලේ භාණ්ඩ මිල ගණන් වල අඩුවක්? ..

Sri Lanka Sri Lanka Inflation Economy of Sri Lanka
By Piyumika Dec 01, 2024 02:22 AM GMT
Piyumika

Piyumika

Report

සංඛ්‍යා දත්ත අනුව උද්ධමනය සෘණ අගයක් ගත්තද වෙළෙඳපොලේ භාණ්ඩ මිලෙහි සැලකිය යුතු අඩුවීමක් දක්නට නොලැබෙන බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

කොළඹ පාරිබෝගික මිල දර්ශනයට අනුව මෙරට සමස්ථ උද්ධමනය අඛණ්ඩව මාස තුනක් පුරා පහළට ගොස් තිබුනා.

මෙවන් පසුතැවීමකට ඉඩ නොදී.. මේ සිතල කාලයේ වැඩි අවදානයෙන් සිටින්න..

මෙවන් පසුතැවීමකට ඉඩ නොදී.. මේ සිතල කාලයේ වැඩි අවදානයෙන් සිටින්න..

ඒ අනුව එම අගය 2024 ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ සියයට 0.8 හා සසඳන විට 2024 නොවැම්බර් මාසයේදී සියයට සෘණ 2.1ක් දක්වා තවදුරටත් අඩු වී තිබෙනවා.

ආහාර උද්ධමනය ද නොවැම්බර් මාසයේදී ඔක්තෝබර් මාසයේ තිබූ සියයට 1 සිට සියයට 0.6 දක්වා අඩු වී ඇති බවයි මහ බැංකුව නිවේදනය කරන්නේ.

සෙල්ලම් පිස්තෝල දෙකකින් මෙච්චර දෙයක් කරා කියල ඇහුවම පොලිසියේත් ඇස උඩ ගිහින්..

සෙල්ලම් පිස්තෝල දෙකකින් මෙච්චර දෙයක් කරා කියල ඇහුවම පොලිසියේත් ඇස උඩ ගිහින්..

එමෙන්ම 2024 ඔක්තෝබර් මාසයේ සියයට සෘණ 1.6ක් ලෙස පැවැති ආහාර නොවන උද්ධමනය නොවැම්බර් මාසයේදී සෘණ සියයට 3.3 දක්වා පහළ වැටී තිබෙනවා.

කෙසේ වෙතත්, වෙළෙඳපොලේ භාණ්ඩ මිලෙහි සැලකිය යුතු අඩුවීමක් දක්නට නොලැබෙන්නේ එම දර්ශකවල සහ සැබෑ භාණ්ඩ මිල අතර පවතින විශාල වෙනස නිසා බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ කියා සිටියේ.

You may like this video

ReeCha