මෙවන් පසුතැවීමකට ඉඩ නොදී.. මේ සිතල කාලයේ වැඩි අවදානයෙන් සිටින්න..
By Piyumika
මුලතිව්හි සිලාවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු ගින්නකට හසුවී පිළිස්සී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (29) දහවල් කාලයේ මෙම අනතුර සිදුව ඇත.
මියගිය පුද්ගලයා සිලාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 75ක පුද්ගලයෙකු වන අතර, ඔහු සිය පුත්‍රයාගේ නිවස ආසන්නයේ පිහිටි නිවසක තනිවම වාසය කර තිබේ.
පොලීසිය පවසන්නේ සීතල හේතුවෙන් නිවස තුළ දල්වන ලද ගින්නක් ව්‍යාප්තවීමෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවය.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාන්චෝලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මුලතිව් පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
You may like this video