සෙල්ලම් පිස්තෝල දෙකකින් මෙච්චර දෙයක් කරා කියල ඇහුවම පොලිසියේත් ඇස උඩ ගිහින්..

Report

අවි පෙන්වා බියගන්වා රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත් නිල් මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමකට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත්බව පොලීසිය පැවසීය.

මොකක්ද මේ කඳුකරයට ඇවිල්ලා තියෙන්නේ..(PHOTOS)

මොකක්ද මේ කඳුකරයට ඇවිල්ලා තියෙන්නේ..(PHOTOS)

නොවැම්බර් මස 10වනදා ලග්ගල පොලිස් වසමේදී සිදුවූ කොල්ලකෑමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මාවතගම හා පොල්පිතිගම පොලිස් වසම්වලදී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙවන් පසුතැවීමකට ඉඩ නොදී.. මේ සිතල කාලයේ වැඩි අවදානයෙන් සිටින්න..

මෙවන් පසුතැවීමකට ඉඩ නොදී.. මේ සිතල කාලයේ වැඩි අවදානයෙන් සිටින්න..

ඔවුන් විසින් කොල්ලකන ලද රුපියල් කෝටියකට අධික මුදලක්, රන් පවුම් 07ක් සහ අපරාධය සඳහා භාවිතා කළ සෙල්ලම් පිස්තෝල 02ක්, පිහියක් සහ වෑන් රථයක්ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර චීවරධාරියෙක්ද සිටින අතර, ඔවුන් අවුරුදු 38ත් 49ත් අතර වයස්වල පසුවන වත්තේගම, සපුගස්කන්ද, පොල්පිතිගම, කුරුණෑගල, රත්නපුර හා විල්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

You may like this video