වෙළෙඳපොලේ භාණ්ඩ මිල ගණන් වල අඩුවක්? ..
සංඛ්‍යා දත්ත අනුව උද්ධමනය සෘණ අගයක් ගත්තද වෙළෙඳපොලේ භාණ්ඩ මිලෙහි සැලකිය යුතු අඩුවීමක් දක්නට නොලැබෙන බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.
කොළඹ පාරිබෝගික මිල දර්ශනයට අනුව මෙරට සමස්ථ උද්ධමනය අඛණ්ඩව මාස තුනක් පුරා පහළට ගොස් තිබුනා.
ඒ අනුව එම අගය 2024 ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ සියයට 0.8 හා සසඳන විට 2024 නොවැම්බර් මාසයේදී සියයට සෘණ 2.1ක් දක්වා තවදුරටත් අඩු වී තිබෙනවා.
ආහාර උද්ධමනය ද නොවැම්බර් මාසයේදී ඔක්තෝබර් මාසයේ තිබූ සියයට 1 සිට සියයට 0.6 දක්වා අඩු වී ඇති බවයි මහ බැංකුව නිවේදනය කරන්නේ.
එමෙන්ම 2024 ඔක්තෝබර් මාසයේ සියයට සෘණ 1.6ක් ලෙස පැවැති ආහාර නොවන උද්ධමනය නොවැම්බර් මාසයේදී සෘණ සියයට 3.3 දක්වා පහළ වැටී තිබෙනවා.
කෙසේ වෙතත්, වෙළෙඳපොලේ භාණ්ඩ මිලෙහි සැලකිය යුතු අඩුවීමක් දක්නට නොලැබෙන්නේ එම දර්ශකවල සහ සැබෑ භාණ්ඩ මිල අතර පවතින විශාල වෙනස නිසා බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ කියා සිටියේ.
You may like this video