ආසන පටි හිඟයක්, එක් පටියක මිල රු. 4,000 ඉක්මවයි

Transport Fares In Sri Lanka Bimal Rathnayake Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 27, 2025 05:14 AM GMT
Shehan

Shehan

Report

අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථවල මගීන් සඳහා ලබන මස 01 වැනිදා සිට ආසන පටි පැළඳීම අනිවාර්ය කළත්, දැනට රට තුළ ආසන පටි හිඟයක් පවතින බැවින් මෙම නීතිය ක්‍රියාත්මක කිරීම යම් කාලයකට කල් දැමිය යුතු බව බස් හිමියන් සහ පාසල් ළමුන් ප්‍රවාහන රථ හිමියන් පවසති.

මෙම නීතිය ක්‍රියාත්මක විය යුතු වුවත්, ඉන්දියාවෙන් 2010 වසරට පෙර ආනයනය කළ බස් රථවල රියදුරු ආසනයට පවා ආසන පටි නොමැති බවත්, රියදුරු ආසනයට සවි කළ හැකි ආසන පටි සොයා ගැනීමටවත් නොමැති බවත්, මේ හේතුවෙන් එවැනි ආසන පටියක මිල රුපියල් 6,000 ඉක්මවා ගොස් ඇති බවත් බස් හිමියන් පෙන්වා දෙති.

ඉන්දියාවෙන් ආනයනය කරන බස් රථවල ආසන දෙක එකට ඒකාබද්ධව තිබෙන නිසා, කාර්යාල සේවා සහ යාත්‍රා කටයුතු සඳහා අධිවේගී මාර්ග හරහා ගමන් ගන්නා බස් රථවල ආසනවලට ආසන පටි සවි කිරීමද ගැටලුවක් බවට පත්ව ඇති බව ඔවුන් සඳහන් කරති.

ඇප ගත්ත හැටියේම රනිල්ට හදිසි හෘද සැත්කමක් -වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගෙන් ප්‍රකාශයක්

ඇප ගත්ත හැටියේම රනිල්ට හදිසි හෘද සැත්කමක් -වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගෙන් ප්‍රකාශයක්

පිටුපස ආසනවලට සවි කළ හැකි ආසන පටියක මිල මාස 6කට පමණ පෙර රුපියල් 1,000ත් 1,200ත් අතර වූවත්, දැනට පවතින හිඟය හේතුවෙන් එවැනි ආසන පටියක මිල රුපියල් 4,000 ඉක්මවා ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙති.

පානදුරෙන් ආනයනය කළ පාසල් ළමුන් ප්‍රවාහන බස් රථවල පිටුපස ආසනවල ආසන පටි සවිකර තිබුණත්, අනෙකුත් බස් රථවල ආසන පටි සවිකර නොමැති බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසයි.

උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

 මීගමුව සහ ඒ අවට ප්‍රදේශවලින්, වරකාපොල සහ ඒ අවට ප්‍රදේශවලින්, එල්ලේ, කළුතර ආදී ප්‍රදේශවලින් කොළඹ පාසල්වලට ළමුන් ප්‍රවාහනය කරන රථ අධිවේගී මාර්ග හරහා ගමන් ගන්නා බවද එම සංගමය පෙන්වා දෙයි.

මේ නිසා, පවතින ආසන පටි හිඟය සහ මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම තවත් මාස කිහිපයකට කල් දමන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔවුන් සඳහන් කරති.

අස්වැසුම ලබෙනකම්ද හිටියේ? මෙන්න විස්තරේ

අස්වැසුම ලබෙනකම්ද හිටියේ? මෙන්න විස්තරේ