ජනාධිපතිවරණය නිසා සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක්..

By Piyumika Sep 10, 2024 05:46 AM GMT
Report

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදි සෞඛ්‍ය සේවාවන් බිඳවැටීම වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මේ වනවිට කිසිදු පියවරක් ගෙන නොමැති නිසා රෝහල්වල ප්‍රතිකාර කටයුතු අඩාලවීමේ අවධානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ විද්වත් සංගමය පෙන්වා දෙයි.

ඒ කටහඩ ආයේ ඇහෙන්නේ නැති වේවි..(PHOTO)

ඒ කටහඩ ආයේ ඇහෙන්නේ නැති වේවි..(PHOTO)

ජනාධිපතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා තැපැල් ඡන්ද හිමිකම ලබා දී ඇත්තේ මැතිවරණ රාජකාරිවලට යොදවන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පමණි. ඒ අනුව අනෙකුත් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම ඡන්ද බල ප්‍රදේශයට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කොට ඇත.

ඒ අනුව එදින සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඡන්දය ලබාදීමට සිය ඡන්ද බල ප්‍රදේශවලට පිටත්ව ගියහොත් එදින රෝහල් කටයුතු අඩාල විය හැකි බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පැවැසීය.

සනත් ජයසූරිය ගැන ඇහෙන අලුත්ම කතාව..

සනත් ජයසූරිය ගැන ඇහෙන අලුත්ම කතාව..

මේ හේතුවෙන් මහජනතාවගේ සෞඛ්‍ය අයිතිය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඡන්ද අයිතිය අතර පරස්පරයක් ඇතිවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් මෙම සංගමය ඉල්ලා සිටින්නේ අවම තරමින් තමන්ගේ රාජකාරි ස්ථානයකට ආසන්නව ඡන්දය ප්‍රකාශ කිරීමේ ස්ථානයක් හෝ විකල්පයක් ඔවුන්ට ලබා දෙන ලෙසයි.

පුතාගේ ත්‍රිරෝද රථයෙන් එන දුර්ගන්ධය බලන්න ගිය මවට දකින්න ලැබුණු දේ ..(PHOTO)

පුතාගේ ත්‍රිරෝද රථයෙන් එන දුර්ගන්ධය බලන්න ගිය මවට දකින්න ලැබුණු දේ ..(PHOTO)

මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ලිපි යොමු කළද මේ වන තෙක් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද සෞඛ්‍යය වෘත්තියවේදින්ගේ විද්වත් සංගමය සඳහන් කළේය.