හිතුවෙවත් නැති විදිහේ අපේක්ෂකයෙක් මැතිවරණයට..
By Piyumika
බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරඟ කරන ලොව පළමු කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
එම අපේක්ෂකයාගේ නම ‘Al ස්ටීව්‘ ලෙස ඡන්ද පත්‍රිකාවල සඳහන් වීමට නියමිත බවයි එම වාර්තාවල සඳහන් වනුයේ .
ඔහු සමලිංගික හා සංක්‍රාන්ත ලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද, සංක්‍රමණිකයන් වෙනුවෙන් ද ඡන්ද ව්‍යාපාරයේ නිරතවනු ඇති බවත් වැඩිදුරටත් වාර්තාවේ .
ලබන ජූලි මස 04 වැනිදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මැතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට නියමිත ස්ටීව් එන්ඩකෝට් වෙනුවෙන් එම කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරනු ලැබූ අපේක්ෂකයා නිවේදනය කර ඇති අතර, එන්ඩකෝට්ගේ ඡන්ද පත්‍රිකාවේ ද සටහන් වීමට නියමිතව ඇත්තේ ‘AI ස්ටීව්‘ ලෙස නිර්මාණය කළ මුහුණ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.