උණුසුම් කාලගුණය තවදුරටත්
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති උණුසුම් කාලගුණික තත්ත්වය මැයි මාසය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක ඇතුළු ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (08) දිනයේදී අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතී.
සබරගමුව, වයඹ සහ උතුරු මැද පළාත් මෙන්ම වව්නියාව, මන්නාරම, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ද මෙම තත්ත්වය පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
මෙම උණුසුම් තත්ත්වය හේතුවෙන් දිගු කාලයක් එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමෙන් හෝ දිගු වෙලාවක් උණුසුමට නිරාවරණය වීමෙන් අධික කල්පනාව, ජලය අඩුවීම, අධික කැසීම් හෝ බරපතළ අවස්ථාවලදී හීට් ස්ට්‍රෝක් වැනි සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බැවින් පොදු ජනතාවට අවවාද කර ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ අවවාදාත්මක නිවේදනය අනුව, මෙම තත්ත්වය මැයි මාසය දක්වා දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජලය ප්‍රමාණවත් ලෙස බොන්න, සැහැල්ලු වර්ණයේ ඇඳුම් පැළඳීම, ප.ව. 10.00 සිට 4.00 දක්වා බරපතළ ක්‍රියාකාරකම් වළකින්න යනාදිය ආරක්ෂක උපදෙස් ලෙස නිකුත් කර ඇත. මෙම තත්ත්වය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා නිතර යාවත්කාලීන තොරතුරු ලබාගන්න