නාරිගම වෙරළ තෙල් තට්ටු සිද්ධිය ගැන පරීක්ෂණ ඇරඹේ

Report

හික්කඩුව නාරිගම ප්‍රදේශයේ වෙරළ තීරයේ ගොඩගසා ඇති තෙල් තට්ටු පිළිබඳව බලධාරීන් විසින් වහාම පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම ලිහිසි තෙල් වර්ගයේ ද්‍රව්‍ය මීටර් 40ක පමණ ප්‍රදේශයක පැතිරී පවතින අතර, එය සමුද්‍රීය පරිසරයට හානි කිරීමේ අවදානමක් ඇති බවට තහවුරු වී ඇත. සිද්ධිය සිදුවූ ස්ථානයෙන් බැරල් කිහිපයක්, ටියුබ් කොටස් සහ වෙනත් අපද්‍රව්‍ය කොටස් හමුවී ඇති බවත්, ඒවා බැහැර කළ යාත්‍රාවක් හෝ නෞකාවක් සම්බන්ධයෙන් බව සැක කෙරේ. නමුත් මෙතෙක් එම යාත්‍රාව හෝ නෞකාව හඳුනාගෙන නොමැත.

ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මිල වැඩි කිරීම - මැදපෙරදිග උණුසුම නිසා පාකිස්ථානය ඉන්ධන මිල 20%කින් ඉහළ දමයි

ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මිල වැඩි කිරීම - මැදපෙරදිග උණුසුම නිසා පාකිස්ථානය ඉන්ධන මිල 20%කින් ඉහළ දමයි

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ වෙරළ ආරක්ෂක කණ්ඩායම් දැනටමත් පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, තෙල් තට්ටු පැතිරීම වළක්වා ගැනීමට හා පරිසර හානි අවම කිරීමට පියවර ගනු ලැබේ. මෙම සිද්ධියේ මූලාශ්‍රය හඳුනාගැනීම සඳහා නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සමග සම්බන්ධව පරීක්ෂණ සිදු කෙරේ.

මෙය මෑතකදී දකුණු වෙරළ තීරයේ දක්නට ලැබුණු අපද්‍රව්‍ය ගොඩගැසීම් සමග සම්බන්ධ විය හැකි බවත්, එය ජාත්‍යන්තර මුහුදු මාර්ගවල සිදුවූ යම් අනතුරක් හෝ නෞකාවක ගැටලුවක් නිසා ඇති වන්නට ඇති බවත් සැක කෙරේ. ජනතාවට මෙම ප්‍රදේශයේ සංචාරයේදී හෝ මුහුදු වෙරළ භාවිතයේදී අවධානය යොමු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.

අසල්වැසි රටවල්ට එල්ල වූ ප්‍රහාරය ගැන ඉරාන ජනපති කණගාටුව පළ කරයි

අසල්වැසි රටවල්ට එල්ල වූ ප්‍රහාරය ගැන ඉරාන ජනපති කණගාටුව පළ කරයි