නගරයක් මැද පුද්ගලයෙකු කැපූ තරුණයා අල්ලයි.

Sri Lanka Police Sri Lanka Kalutara Incident
By Wayomi Nov 15, 2023 12:25 PM GMT
Wayomi

Wayomi

Report

පසුගිය 13 වන දා දෙනෝදාහක් දෙනා බලාසිටියදීම නගරයක් මැද පුද්ගලයෙකු කපා කොටා බරපතළ තුවාල සිදුකර පළාගිය සැකකරුව කළුතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර නගර මධ්‍යයේදී බස් කොන්දොස්තරවරයෙකුට මෙලෙස තියුණු ආයුධයකින් පහරදී කපා කොටා බරපතළ තුවාල කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සැකකරුවෙක්.

පහරදීම සඳහා භාවිත කළ මන්නා පිහියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම පහරදීම සිදුකළ දින දහවල් කාලයේදී කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළ අසල පාසල් යන වයසේ සිසුන් පිරිසක් අතර ගැටුමත් හටගෙන තිබෙනවා.

පසුව එම ගැටුම සමථයකට පත් කිරීමට මැදිහත්වූ මෙම බස් කොන්දොස්තරවරයා එක් සිසුවෙකුට කම්මුල් පහරක් දී පිටව යන ලෙස අවවාද කර ඇත.

ඉන් උරණවූ එක් සිසුවෙක් තවත් මිතුරන් දෙදෙනෙකු සමග පැමිණ දැනට රෝහල්ගතව සිටින පුද්ගලයාට එළව එළවා පහරදී ඇති බවයි වාර්තා වුණේ.

බස් කොන්දොස්තරවරයාගේ දෙඅත්වලට බරපතළ හානි සිදුවී ඇති අතර ඔහුට සැත්කම් කිහිපයක් සිදුකිරීමට අවශ්‍ය බව ද කළුතර ශික්ෂණ රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළා.

පහරදීම සිදුකළ තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ සිදුකරන අතර පහරකෑමට ලක්වූ පුද්ගලයා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක්දරු පියෙක්.

ReeCha