නතර වු දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය යළිත්?...
දීපවාලි උත්සවය හේතුවෙන් අත්හිටවූ වර්ජනය, විසදුම් නොලැබෙන්නේ නම් යලි හෙට දිනය තුල ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
බදවාගැනීම් හා උසස්වීම් ක්‍රියා පටිපාටිය විධිමත් කිරීම සහ වැටුප් විෂමතා නිවැරදි කිරීම ඇතුළු ඉල්ලීම්වලට විසදුම් ඉල්ලා පෙරේදා දියත් කළ වර්ජනය එදින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා.
කෙසේ වෙතත්, වර්ජනයත් සමග කන්කසන්තුරය දක්වා පෙර දැනුම් දීමකින් තොරව ගමන් කල දුම්රියක් හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 30 කට ආසන්න පාඩුවක් සිදු වී ඇති බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සදහන් කළේ.