කාගෙත් ආදරය දිනා ගත් ' නීමෝ ' ගැන ඇසෙන දුක්බර කතාව

Gossip Today World Fish Sinhala news
By Hashan May 23, 2025 11:17 AM GMT
Hashan

Hashan

Report

ලොකු කුඩා කාගේත් සිත් ගත් 'නීමෝ' නම් කාටුන් චරිතයට පන පෙවූ 'Clownfish' නමැති මත්ස්‍යා ගැන අනුවේදනීය කරුණු රැසක් පරිසර විශේෂඥයන් පිරිසක් අනාවරණය කරගෙන ඇත.

එංගලන්තයේ නිව්කාසල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ තැඹිලි සහ සුදු පැහැති මෙම ආකර්ෂනීය මත්ස්‍යයා සාගර උණුසුමට ඔරොත්තු දීම සඳහා ස්වාභාවිකව දිගින් දිගටම කුඩා වෙමින් යන බව යි. 

 'Clownfish' මත්ස්‍යයෙකුගේ සාමාන්‍ය දිග සෙන්ටිමීර 11ක් පමණ බව සඳහන්.

චීචර් අම්මා මුහුණු පොත කලඹයි

චීචර් අම්මා මුහුණු පොත කලඹයි

මෙම පර්යේක්ෂණය පැපුවා නිව්ගිනියාවේ සංරක්ෂණ මධ්‍යස්ථානයක සිදු කර ඇති බවයි වාර්තා වන්නේ . ඔවුන් මාස 5ක කාලයක් තුළ 'Clownfish' මත්ස්‍යයන් 134ක් නිරීක්ෂණය කර ඇති අතර, එම කාලයේ සෑම මසකම සෑම මත්ස්‍යයෙකුගේම දිග මැනබලා තිබෙනවා .

 එමෙන්ම සෑම දින 4-6කට වරක් ජල උෂ්ණත්වය පරීක්ෂාකර ඇත. එහි දී අනාවරණය වී ඇත්තේ ක්ලවුන්ෆිෂ් 134 දෙනාගෙන් 100ක්ම කුඩා වෙමින් සාගර උෂ්ණත්වයෙන් බේරීමට අනුවර්ථනය වී ඇති බවයි.

මෙය සාගර උෂ්ණත්වය ඉහළ යෑම වැනි පාරිසරික තත්ත්වයන් වෙනස් වන විට කොරල්පර මත්ස්‍යයෙකු කුඩා වන බව සොයා ගත් පළමු අවස්ථාව ලෙසින්ද  සැලකෙයි.

මෙම අධ්‍යනයෙන් අනාවරණය වී ඇති අනෙක් බරපතළම කරුණ නම්, මෙලෙස 'Clownfish'මත්ස්‍යා දිගින් දිගටම කුඩා වනවිට එය එම මත්ස්‍යන්ගේ ප්‍රජනනයටද බලපාන බවයි.

ඒ අනුව මෙම මත්ස්‍ය විශේෂයේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. 

අනුදි ද ? සිතුම් ද? කිරුළ අයිති කර ගන්නේ? තීරණය මෙන්න (PHOTO)

අනුදි ද ? සිතුම් ද? කිරුළ අයිති කර ගන්නේ? තීරණය මෙන්න (PHOTO)

ReeCha