එංගලන්තේ රෝස කුසම තාමත් ජීවමානයි [PHOTOS]

Report

ඩයනා ගැන කොයි කාගෙන් ඇහුවත් ඕනේ කෙනෙක් කියන්නේ ඇය සැබෑවටම කුමාරිකාවක් කියලා. ඩයනා ස්පෙන්සර් හෙවත් වේල්ස් හි ආදිපාදවරිය. හරියටම කිව්වොත් එංගලන්තයේ රෝස කුසුම.

ඔය හැම විදිහකටම කතා කරන ඩයනා කියන්නේ මේ ලෝකේ ගොඩක් අය කතා කරපු තාමත් කතා කරන චරිතයක් කිව්වොත් හරි.

තාමත් වැඩිම පිරිසක් සහභාගි වනු අවමංගල්‍යය උත්සවයේ හිමිකාරිය වන්නෙත් ඇයම තමයි.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

ඩයනා අනිත් කුමරියන්ට වඩා විශේෂ වෙන්නේ ඇයට කුමාරිකාවක් සතු විය යුතුම විදිහෙ ලස්සන හදවතක් තිබ්බ නිසා.

ඇය නිසා ජීවිත ලබපු විශාල පිරිසක් හිටියා.

ඒ අතරෙ කළු ජාතික දරුවන්, අතරමග ඉගෙනීම අතෑරලා දාපු අය වගේම පෝලියෝ රෝගයෙන් පීඩා විඳපු දරුවොත් හිටියා.

ඒ හැමෝගෙම ජීවිතවල තිබ්බ අඳුර ඩයනාගේ ලස්සන හදවතට පින් සිද්ධ වෙන්න එළි වෙලා තිබ්බා.

ඩයනා වගේම ඇගේ ආදාරය ගැනත් ලෝකෙට රහසක් නෙවෙයි. ඒ ඇය ආදරය නිසාම සියල්ල කැප කලත් ආදරය නිසාම ඇයට සියල්ල අහිමි වුණ නිසයි.

උඹලා වගේ හිඟන්නෝ ගැන දුකයි අනුරට බැනපන් හැබැයි අදානිවත් ඉන්දියාවවත් ගැන කටක් හොල්ලන්න එපා, චන්දිමට එන ගර්ජන

උඹලා වගේ හිඟන්නෝ ගැන දුකයි අනුරට බැනපන් හැබැයි අදානිවත් ඉන්දියාවවත් ගැන කටක් හොල්ලන්න එපා, චන්දිමට එන ගර්ජන

ඉන්පසු ඒ ලැබූ මානසික පීඩනයෙන් මිදෙන්න ඩයනා කළේ තමන්ගේ ජීවිතේ පීඩාවට පත් වුණ දරුවන් වෙනුවෙන් කැප කරපු එක. ඒ වෙනුවෙන් ඇය බකින්ග්හැම් මාළිගාවේ නීතිරීතිවලට පවා විරුද්ධ වූ බව සඳහන්.

මාළිගාවේ කුමරියන්ට දිවීම තහනම් කියපු නීතිය කඩපු ඩයනා විලියම් කුමරුගේ පාසල් ක්‍රීඩා උත්සවයේදී මව්වරුන්ගේ දිවීමේ තරගයට සහභාගි වෙන්නේ තමන්ගේ දරුවට ආදරණීය මවක් වෙමින්.

ජනතාව අතරට යාම කොයිතරම් සීමා කර තිබුණත් ඩයනා කියන්නේ නිතරම ජනතාව අතරට ගිය කුමරියක්.

ඇගේ මේ ක්‍රියා කලාපය මාළිගාවේ ගොඩක් අය නම් ඉවසුවේ නැහැ.

කොහොම වුණත් ඩයනා 1996 වසරේදි රැජිණගේ බලවත් බලපෑම උඩ චාල්ස් කුමරුගේ දික්කසාද වෙන්න කැමති වෙනවා.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ඒත් ඇය ඒ නිසා කොයි තරම් වේදනා වින්ඳද කියලා ඇය තම මිතුරියකට කියලා තිබුණේ එය තමන්ගේ ජීවිතයේ ගත්තු ඉතාම අසීරු තීරණයක් සහ ජීවිත කාලය තුළ අතිශයින් දුකට පත් වූ දිනය බවයි.

ලෝකෙම ආදරේ දිනූ ඒ සුන්දර කුසුම අවාසනාවන්ත ලෙස1997 වසරේ දි එක දවසක ප්‍රංශ උමං මාර්ගයකදී වෙන අනතුරක් නිසා මිය යනවා.

ඒත් අදටත් ඇයගේ සුවඳ මුළු ලෝකෙම තියෙනවා.

ඒ නිසාම ඇගේ නම තාමත් ගොඩක් අයගේ හදවතේ තදින්ම ලියවිලා තියෙනවා.

මේ වෙද්දි ඇය ජීවතුන් අතර හිටියා නම් ඇයට වසර 64 ක්.

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

GalleryGalleryGalleryGalleryGallery