වැඩිපුර මදුරුවෝ දෂ්ට කරනවා නම් හේතුව මේකයි

Report

මදුරුවන්ගේ දෂ්ට කිරීම්වලට ලක් ‍නොවී සිටින පුද්ගලයන් සහ මදුරුවන්ගේ චුම්බක බවට පත්වන අය අතර ඇති වෙනසට හේතුව කුමක්ද යන්න සම්බන්ධ අභිරහසක් දිගු කලක සිට පැවතියත් නව විද්‍යාත්මක සොයාගැනිමකින් ‍ඒ බව හෙළිව ඇති බව සඳහන්.

ඒ අනුව නෙදර්ලන්තයේ රැඩ්බවුඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සොයා ගෙන ඇත්තේ ඇතැම් පුද්ගලයන් ලේ උරා බොන මෙම කෘමීන්ට වඩාත් ආකර්ශනීය වීමට ඔවුන් ගන්නා පාන වර්ග ඇතුළු පුරුදු කිහිපයක් බලපාන බවයි.

අඳාළ පර්යේෂණයේදී සංගීත උළෙලකට සහභාගී වූ පුද්ගලයන් 500 දෙනෙකු යොදාගෙන ඔවුන් දහස් ගණන් ගැහැණු මදුරුවන්ට නිරාවරණය කර ඇත.

මෙහිදී සෑම පුද්ගලයෙකුටම ඔවුන්ගේ සනීපාරක්ෂාව, ආහාර රටාව සහ උත්සවයේදී හැසිරීම පිළිබඳ ප්‍රශ්නාවලියක් සම්පූර්ණ කිරීමට ලබාදී ඇති බව වාර්තා වේ.

අනතුරුව ඔවුන්ගේ අත්, මේ කරදරකාරී කෘමීන් පිරවූ විශේෂයෙන් නිර්මාණය කරන ලද කූඩුවකට ඇතුල් කළ බවයි එම වාර්තාවල පෙන්වා දෙන්නේ.

බත්වලට නැතුවම බැරි රම්පෙ ගැන ඇහෙන බය හිතෙන කතාවක්, සුවඳට දැම්මා වගේ නෙවෙයි

බත්වලට නැතුවම බැරි රම්පෙ ගැන ඇහෙන බය හිතෙන කතාවක්, සුවඳට දැම්මා වගේ නෙවෙයි

එසේම මෙම කූඩුවේ කුඩා සිදුරු තිබූ නිසා මදුරුවන්ට අත සුවඳ දැනුණද, ඔවුන්ට දෂ්ට කිරීමට නොහැකි වී ඇත.

ඒ අනුව වීඩියෝ කැමරාවකින් දෂ්ට කිරීමට උත්සාහ කළ කෘමීන් සංඛ්‍යාව වාර්තා කර ඇත.

එමෙන්ම මෙම පර්යේෂණය මගින් මදුරුවන්ගේ ආකර්ෂණයට හේතු වන පුරුදු කිහිපයක් හෙළි වූ බව පර්යේෂකයන් සඳහන් කරයි.

මෙහිදී බියර් පානය කළ සහභාගිවන්නන් බියර් පානයෙන් වැළකී සිටි අයට වඩා1.35%ගුණයකින් වැඩිපුර මදුරුවන් ආකර්ෂණය කර ගත් බව සොයාගෙන ඇත.

ඒ අනුව පෙනී ඇත්තේ මදුරුවෝ බියර් පානයෙන් වැළකී සිටි අයට වඩා බියර් පානය කළ අයට පැහැදිලි කැමැත්තක් දක්වා ඇති බවයි.

පර්යේෂකයන් සඳහන් කරන්නේ බියර් වීදුරුවක් පානය කිරීමෙන් දහඩිය දැමීම සහ සිරුරෙන් එතනෝල් මුදා හැරීම සිදුවන අතර, එය මදුරුවන් ආකර්ෂණය වීමට හේතුවක් විය හැකි බවයි.

තවද පර්යේෂකයන්ගේ අදහස වී ඇත්තේ මෙම මදුරු ආකර්ෂණයත් බෝවන සුළු බවයි. එබැවින් පෙර රාත්‍රියේදී වෙනත් අයකු සමඟ නිදාගත් අය මදුරුවන්ගේ ඉලක්ක වීමට වැඩි ඉඩක් ඇත.

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

තවද තනිව නිදාගැනීම දෂ්ට කිරීම්වලට ඇති අවස්ථාව අඩු කරන බව පෙනීගොස් ඇති බව පර්යේෂකයන් සඳහන් කරයි.

එසේම හිරු ආවරණ හෙවත් සන්ස්ක්‍රීන් පැළඳ සිටි පුද්ගලයින්ගෙන් මදුරුවන් වැළකී සිටි බව ද හෙළිව ඇත.

එබැවින් පර්යේෂකයන් නිගමනය කර ඇත්තේ නිතිපතා සන්ස්ක්‍රීන් ආලේප කිරීම දෂ්ට කිරීම්වලට ඇති අවස්ථාව අඩු කරන බව‍‍යි.

ආසන්නතම කාලයේදී ස්නානය කළ පුද්ගලයින්ගෙන් ද මදුරුවන් වැළකී සිටි බව කියයි. එනිසා මත්ද්‍රව්‍ය හා මධ්‍යසාරවලින් වැළකී සිටීම, තනිව නිදා ගැනීම සහ නිතිපතා සන්ස්ක්‍රීන් ආලේප කිරීම වැනි විචක්ෂණශීලී ජීවන රටාවක් මදුරු දෂ්ට කිරීම්වලට ඇති අවස්ථාව අඩු කරන බව ඔවුන්ගේ නිගමනයයි.

එසේම මදුරුවන්ට "අප අතර සිටින විනය විරෝධී අය කෙරෙහි රුචිකත්වයක්" ඇති බවද පවසයි.

මේ අතර මදුරුවන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් මීට පෙර කරන ලද අධ්‍යයනයන් සහ මෙම අධ්‍යයනයෙන් හෙළි වූ වෙනත් කරුණු ද පර්යේෂකයන් අනාවරණය කර ඇත.

ඒ අනුව මදුරුවන් සාමාන්‍යයෙන් රුධිරය සෙවීමට පටන් ගන්නේ අප පිටකරන කාබන් ඩයොක්සයිඩ් (CO2) හඳුනා ගැනීමෙන් වුවත් ඔවුන් දෂ්ට කිරීමට තීරණය කරන්නේ කවුරුන්ද යන්න සිරුරෙන් පිටකරන සුවඳ මත රඳා පවතියි.

එයට බලපාන්නේ රුධිරයේ මධ්‍යසාර සාන්ද්‍රණයෙන් බලපෑමක්. එබැවින් සොයා ගෙන ඇත්තේ ලේ උරා බොන මෙම කෘමීන්, මිනිසුන්ගෙන් සහ සතුන්ගෙන් පිටවන CO2 හඳුනා ගැනීමට ඔවුන්ගේ මුඛය වටා ඇති සංවේදක භාවිතා කරන අතර, එම සංවේදකම ශරීරයේ සුවඳ (විශේෂයෙන් පාදවල සුවඳ)හඳුනා ගැනීමටද භාවිතා කරන බවයි.

වෙහෙසකර ව්‍යායාමවල යෙදෙන විට ඉහළ ශරීර උෂ්ණත්වයක් සහ ලැක්ටික් අම්ලයපිටකිරීම වීම සිදුවන අතර, එමඟින් මදුරුවන්ට ආකර්ෂණීය සංඥා නිකුත් කරන බව සඳහන්.

එමෙන්ම මිනිස් සම මත ඇති බැක්ටීරියා මට්ටම මදුරුවන් දෂ්ට කිරීමට පොළඹවන්නක්. විශේෂයෙන්ම වළලුකර සහ පාදවල බැක්ටීරියා පොකුරු ඇති ස්ථානවලට මදුරුවන් ආකර්ෂණය වේ.

කෙසේ වෙතත්, සම මත විවිධ වර්ගයේ බැක්ටීරියා තිබීම කෘමීන්ව ඈත් කිරීමට නැඹුරුවක් බව සඳහන්.

මේ අතර මිනිසුන්ගෙන් 20 %ක් පමණ මදුරු දෂ්ට කිරීම්වලට වැඩි නැඹුරුතාවයක් දක්වයි. ඔවුන් පවසන්නේ මෙම නව පර්යේෂණය,දෂ්ට කිරීමේ වාර ගණනට රුධිර වර්ගය බලපාන බවට වන ජනප්‍රිය මිථ්‍යාවන්ට සහාය වන සාක්ෂි සොයා නොගත් බවයි.

එහෙත් වෙනත් පර්යේෂණ පෙන්වා දී ඇත්තේ O වර්ගයේ රුධිරය ඇති පුද්ගලයින් (බහුලවම ඇති රුධිර වර්ගය) A වර්ගයේ රුධිරය ඇති අයට වඩා දෙගුණයක් දෂ්ට කිරීම්වලට ලක්වන බවත් B වර්ගයේ රුධිරය ඇති අය මැද ස්ථානයක සිටින බවත් ය.

කෙසේ වෙතත් මදුරුවන් කරදරකාරී දෂ්ට කිරීම්වල මූලාශ්‍රයක් වීමට අමතරව, ඒවා මැලේරියාව සහ ඩෙංගු උණ වැනි රෝග පැතිරවීමෙන් මහජන සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි බව සඳහන්.

එමෙන්ම ඩෙංගු උණ සාමාන්‍යයෙන් කැරිබියන්, මධ්‍යම ඇමරිකාව, දකුණු ඇමරිකාව, අග්නිදිග ආසියාව සහ පැසිෆික් දූපත් ඇතුළු නිවර්තන සහ උපනිවර්තන කලාපවල දක්නට ලැබෙයි.

එසේ වුවත් දේශගුණික විපර්යාස නිසා උණුසුම් කාලගුණය බටහිර යුරෝපයේ ආසියානු කොටි මදුරුවාට සුදුසු තත්ත්වයන් නිර්මාණය කළ හැකි බවට විද්‍යාඥයෝ අනතුරු අඟවයි.

ඔබේ සිරුරේ බර වේගයෙන් අඩු කරන්න නම් මේ ආහාර වර්ග 7 ට්‍රයි කරන්න..

ඔබේ සිරුරේ බර වේගයෙන් අඩු කරන්න නම් මේ ආහාර වර්ග 7 ට්‍රයි කරන්න..