මම හොදින් ට්‍රම්ප් පවසයි..මගේ ප්‍රතිවාදියාට වෙඩි තැබීම තිරිසන් ක්‍රියාවක් ජෝ බයිඩන්..

By Piyumika Jul 14, 2024 02:50 AM GMT
Report

මැතිවරණ රැළියක් අතරතුර ප්‍රතිවාදී රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක, හිටපු ජනාධිපති ජොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය තිරිසන් ක්‍රියාවක් බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා සිටියේය .

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩි තැබීම පිළිබදව සැලවූ සැණින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ට්‍රම්ප්ගේ තත්ත්වය විමසා බැලූ බවයි.

මෙවැනි තිරිසන්, පිළිකුල් දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා තමන් අනුමත නොකරන බව ද අමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් වැඩිදුරටත් පවසා තිබේ.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක්..(VIDEO)

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක්..(VIDEO)

එසේම හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ද හෙලා දැක ඇත.

ඊට අමතරව, බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියේර් ස්ටාර්මන් ද ප්‍රහාරය හෙලා දකිමින්, සිය එක්ස් ගිණුමේ සටහනක් පළ කර තිබේ. ට්‍රම්ප්ට වෙඩි තැබීම ගැන තමන් කම්පනයට පත්වුණු බවත්, මෙවැනි දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා තමන් කිසිම අවස්ථාවක අනුමත නොකරන බවත් කියේර් ස්ටාර්මන් පැහැදිලි කර තිබේ .

මෙන්න වරිපනම් ගෙවන්න අලුත් ක්‍රමයක්..(VIDEO)

මෙන්න වරිපනම් ගෙවන්න අලුත් ක්‍රමයක්..(VIDEO)

කෙසේවෙතත් වෙඩි තැබීම ස්ම්බන්දයෙන් ට්‍රම්ප් තම අදහස් දක්වමින් පැවසුවේ

"මට වෙඩි තිබ්බා.‍ වේදිකාවේ කතා කරමින් සිටිද්දී, මට වෙඩි හඬ කීපයක් ඇසුණා. හිටිහැටියේ දකුණු කණ අසලින් වේදනාවක් දැනුණා. අතගාලා බලද්දී, මගේ දකුණු කණ් පෙත්ත තුවාල වෙලා. මට වෙඩි වැදුණු බව වැටහුණේ එවිටයි.' යැයි වෙඩි ප්‍රහාරයට ලක් වී කඩිනමින් රෝහල්ගත කළ ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලේ සිට සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහන් පළ කරමින් පවසා සිටියේය .

අද පිරිමි අයගෙන් කාන්තාවන් ප්‍රවේශම් වන්න. නැතිනම් පසුතැවෙන්න සිදු වෙයි..

අද පිරිමි අයගෙන් කාන්තාවන් ප්‍රවේශම් වන්න. නැතිනම් පසුතැවෙන්න සිදු වෙයි..

එමෙන්ම ,

'මම මගේ ආරක්ෂක අංශ සාමාජිකයන්ටත් හමුදා සහ පොලිස් නිලධාරීන්ටත් ස්තුතිවන්ත කරනවා. ඔවුන් සැණින් මට ආරක්ෂාව දුන්නා. වහා ක්‍රියාත්මක වී වෙඩික්කරු මර්දනය කළා. රැලියට පැමිණ සිටි මගේ හිතවාදියෙක් වෙඩි වැදී මියගියා. ඒ ගැන මට කනගාටුයි. මම ඔහු වෙනුවෙන් කනගාටු වෙනවා. ඔහුගේ පවුලේ අයට කනගාටුව පළ කරනවා. මට දැනගන්න ලැබුණා තවත් බරපතළ තුවාල ලැබූවෙක් සිටින බව. ඇමෙරිකාවේ මැතිවරණ රැලියක මෙවැනි දෙයක් සිදුවීම බරපතල අර්බුදයක්.' යැයි ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සටහනේ වැඩි දුරටත් සඳහන් වී ඇත.

නොවැම්හිබරයේ පැවැත්ටවෙන ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ගේ ප්‍රතිවාදියා වන ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක් වූයේ පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් ප්‍රාන්තයේ රිපබ්ලිකන් මැතිවරණ රැළියක් අමතද්දීය.