මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු සියල්ල අවසන්..

Report

ජනාධිපතිවරණයට අදාළව මූළික මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා සහ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගමන් ගත් රථයක් හදිසි අනතුරකට ලක් වේ..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගමන් ගත් රථයක් හදිසි අනතුරකට ලක් වේ..

මැතිවරණ නිලධාරීන් පත්කිරීමේ ගැසට් නිවේදනය ද මේ වනවිට මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරයා තේරීම්භාර නිලධාරීවරයා ලෙස පත්කරමින් ගැසට් පත්‍රයක් මේ වනවිට නිකුත් කර ඇති බව සඳහන්ය.

දියේ ගිලීමෙන් තවත් ජිවිත දෙකක් අහිමි වේ..

දියේ ගිලීමෙන් තවත් ජිවිත දෙකක් අහිමි වේ..

එමෙන්ම එක් එක් මැතිවරණ කොට්ඨාස සඳහා සහකාර තේරීම්භාර නිලධාරීන් ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී ලියනගේ සඳහන් කළේ මැතිවරණයේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය ලිපි ලේඛන මුද්‍රණ කිරීමේ කටයුතු මේ වනවිට අඛණ්ඩව සිදුකරමින් පවතින බවය.