දියේ ගිලීමෙන් තවත් ජිවිත දෙකක් අහිමි වේ..
By Piyumika
ප්‍රදේශ දෙකක දී කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පැවසීය .
ඊයේ (27) එම අනතුරු සිදුව තිබේ.
ඉපලෝගම, කලා වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී කලාවැව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, ඌරුගොඩ, වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර ඇහැටුවැව පොලිස් වසමේ මකුලෑව වැවේ දිය නෑමට ගොස් සිටි කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, හෙට්ටිගම, මකුලෑව ප්‍රදේශයේ පදිංවිව සිටි 58 හැවිරිදි කාන්තාවකි.