පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගමන් ගත් රථයක් හදිසි අනතුරකට ලක් වේ..

By Piyumika Jul 28, 2024 02:18 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ගමන්ගත් රථය කිලිනිච්චිය ප්‍රදේශයේදී අනතුරකට ලක් වී ඇත.

'අවේලාවේ මෙතැන මත්පැන් පානය කරන්නේ කෙසේදැයි' තර්ජනය කොට මුදලුත් සොරාගෙන් පැන ගිහින්..

'අවේලාවේ මෙතැන මත්පැන් පානය කරන්නේ කෙසේදැයි' තර්ජනය කොට මුදලුත් සොරාගෙන් පැන ගිහින්..


මන්ත්‍රීවරයා ගමන් ගත් රථය යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ .ඊයේ (27) සවස එම අනතුර සිදුව ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි. පොලීසිය පැවසූවේ කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් මන්ත්‍රීවරයාගේ රථය කිලිනොච්චිය 155 කිලෝමීටර කණුව ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී ඇති බවය. 

දැන්ම ඔබේ බේකරි නිශ්පාදන වල මිල ගණන් ප්‍රදර්ශනය කරන්න..නැත්තන් වෙන දේ භයානකයි ..

දැන්ම ඔබේ බේකරි නිශ්පාදන වල මිල ගණන් ප්‍රදර්ශනය කරන්න..නැත්තන් වෙන දේ භයානකයි ..

එම අනතුරින් මන්ත්‍රීවරයාට හෝ අනෙක් කිසිවෙකුට තුවාල සිදුනොවූ අතර, මන්ත්‍රීවරයාගේ වාහනයේ ඉදිරිපස කොටසකට සුළු හානියක් සිදුව ඇති බවයි වාර්තා වනුයේ .