අඛණ්ඩ වැඩවර්ජනයට මොකද වෙන්නේ..

Report

සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය පවසා සිටියේය .

ලෙල්ලමත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා..එය අනවශ්‍ය ලේ සෙලවීමකට අත වැනීමක්..

ලෙල්ලමත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා..එය අනවශ්‍ය ලේ සෙලවීමකට අත වැනීමක්..

එහි සමලේකම් කේ.එල්.ඩී රිච්මන් මහතා සඳහන් කළේ, සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සමග කළ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බවයි.

ඉන්දියාවෙන් ගුරුවරු 2000ක් ලංකාවට..මෙරට ගුරුවරුන්ට රතු එළියක්..

ඉන්දියාවෙන් ගුරුවරු 2000ක් ලංකාවට..මෙරට ගුරුවරුන්ට රතු එළියක්..

"මැයි 2 ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවමත් ක්‍රියාත්මකයි. ඊයේ දිනයේ රාජ්‍ය අමාත්‍ය රාඝවන් මහතා සමග සාකච්ඡා වට දෙකක් පැවත්වුවා.

රජය පැත්තෙන් විසඳුම් ලබා දෙන යෝජනා ඉදිරිපත් වුණා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අවසාන විසඳුම ලෙස අපිට මේකට ලිඛිතව දෙයක් අවශ්‍යයි.

ඒ චක්‍රලේඛය ලබාදුන් වහාම අපි වැඩවර්ජනය අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙය ලබාදෙන කල් වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ වනවිට දින 34ක් ක්‍රියාත්මකයි වැඩවර්ජනය."