ඉන්දියාවෙන් ගුරුවරු 2000ක් ලංකාවට..මෙරට ගුරුවරුන්ට රතු එළියක්..

Ministry of Education A D Susil Premajayantha Wimal Weerawansa India Education
By Aruna Jun 05, 2024 02:07 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියාවෙන් වතුකරයට පැමිණ සිටින බව කියන ගුරුවරුන් සම්බන්ධයෙන් බුද්ධි අංශ ලබා දී තිබෙන වාර්තාව ගෙන්වා ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (04) දිනයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

එම ගුරුවරුන් සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි විමල් වීරවංශ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

විමල් වීරවංශ මන්ත්‍රිවරයා..

මෙරට ගුරුවරුන්ගෙන් සපුරාලන්න බැරි ගුරු හිඟයක් වතුකරයේ තිබෙනවා.

රට පුරා අද විවෘත කරන පාසල් සහ වසා තැබෙන පාසල් මෙන්න..

රට පුරා අද විවෘත කරන පාසල් සහ වසා තැබෙන පාසල් මෙන්න..


ඒ නිසා වෙන්න ඇති පසුගිය කාලයේදී ඉන්දියාවෙන් පැමිණි ගුරුවරු දෙදහසකට වැඩි පිිරිසක් වතුකරයේ පාසල්වල ඉගැන්වීම් කරනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සද්භාවයෙන් ගුරු හිඟයට පිළියමක් ලෙස යොදා ගන්න ඇති. නමුත් බුද්ධි අංශ වාර්තාවලින් පෙන්වා දෙනවා මේ ඉන්දියානු ගුරුවරු වතුකරයේ පාසල්වල දරුවන්ට එක්තරා ආකාරයක විස පෙවීමක් සිදු කරනවා කියලා.

ඒක මාධ්‍ය මගින් අනාවරණය කරලා තිබුණා.

ගුරු හිඟය පියවන්න අපි කටයුතු නොකර බාහිර පාර්ශ්වයන්ට දුන්නොත් ඒ අය එන්නේ අපිට තියෙන ආදරයකට නෙමෙයි.

සංගක්කාර ක්‍රිකට් ලොව මවිත කරමින් යළි ක්‍රිකට් පිටියට..පන්දු යැවීමෙන් සහ පිත්තෙන් ලොවම පුදුම කරවයි..(PHOTOS)

සංගක්කාර ක්‍රිකට් ලොව මවිත කරමින් යළි ක්‍රිකට් පිටියට..පන්දු යැවීමෙන් සහ පිත්තෙන් ලොවම පුදුම කරවයි..(PHOTOS)


ඒ නිසා මම ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා බුද්ධි අංශ වාර්තා අමාත්‍යාංශයට ලැබුණා ද, එවැනි විස පෙවීමක් වනවා නම් එය වැළැක්විය යුතුයි නේද

අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත..

මම මේ අමාත්‍යාංශය භාර ගත් පසු ඉන්දීය ගුරුවරුන්ට මමනම් අවසර දීලා නැහැ.

මේ කියන්නෙ ඊට පෙර පැමිණි පිරිසක් ගැන වෙන්න ඇති. නමුත් ගුරුවරුන් පුහුණු කිරීම සඳහා මහකොමසාරිස් කාර්යාලය මැදිහත් වෙලා යම් පිරිසක් පැමිණ සිටින බව මම දන්නවා.

ඔය කියන ප්‍රශ්න විසඳන්න මම විශාල වෙහෙසක් ගත්තා. විද්‍යාපීඨවලින් වතුකරයට ගුරුවරු සුදුසුකම් ලබන්නේ නැහැ.

මම මාස හයක් පමණ සටන් කරලා වතුකරයට ගුරුවරුන්ගෙ ප්‍රශ්න විසඳන්න කටයුතු කරමින් ඉන්නෙ.

ගුරු සහායකයො ලෙස දීමනාවක් දීලා බඳවා ගැනීමට 2535ක් පුරප්පාඩු තියනවා. වෙන කවුරුත් ස්වේච්ඡාවෙන් එන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

විමල් වීරවංශ මන්ත්‍රිවරයා..

ඔබතුමාගේ කාලයේ මේක වුණා කියලා මම කියන්නේ නැහැ. මම කිව්වෙ මාධ්‍ය වාර්තාවක් ගැනයි.

මේෂ,සිංහ,කන්‍යා සහ මීන යන ලග්න වලට අද ඉතාමත් යහපත් ග්‍රහයෝගයක්..ටිකට් එකක් ගන්නත් ශුභයි..

මේෂ,සිංහ,කන්‍යා සහ මීන යන ලග්න වලට අද ඉතාමත් යහපත් ග්‍රහයෝගයක්..ටිකට් එකක් ගන්නත් ශුභයි..


ඒ කියන බුද්ධි අංශ වාර්තාව ගැන අවධානය යොමු කරන්න කියන ඉල්ලීමයි මම කරන්නේ.

ඇමැතිවරයා

මම ඒ වාර්තාව ගෙන්වා ගෙන පළාත් අධ්‍යක්ෂවරුන්ගෙන් විමසා පැහැදිලි කිරීමක් කරන්නම්.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රි වේලු කුමාර් ( සජබ)..

එය සම්පූර්ණයෙන් අසත්‍යයක්. එහෙම ගුරුවරුන් දෙදහසක් ඉන්දියාවෙන් ඇවිල්ලත් නැහැ.

එහෙම යොදවලත් නැහැ. වගකීමෙන් කියන්නේ.