ලෙල්ලමත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා..එය අනවශ්‍ය ලේ සෙලවීමකට අත වැනීමක්..

Sri Lanka Negombo Sri Lanka Fisherman Fish
By Piyumika Jun 05, 2024 02:39 AM GMT
Piyumika

Piyumika

Report

මීගමු පුරවැසි කමිටුව පෙන්වා දෙන්නේ මීගමුව පිටිපන ලෙල්ලමට උසාවි නියෝග ක්‍රියාත්මක කරවීම අනවශ්‍ය ලේ සෙලවීමක් හෝ ජීවිත හානියක් විය හැකි බවයි.

සංගක්කාර ක්‍රිකට් ලොව මවිත කරමින් යළි ක්‍රිකට් පිටියට..පන්දු යැවීමෙන් සහ පිත්තෙන් ලොවම පුදුම කරවයි..(PHOTOS)

සංගක්කාර ක්‍රිකට් ලොව මවිත කරමින් යළි ක්‍රිකට් පිටියට..පන්දු යැවීමෙන් සහ පිත්තෙන් ලොවම පුදුම කරවයි..(PHOTOS)

ඒ අනුව එහි ගැටලුව විසඳා ගැනීම සම්බන්ධයෙන් මීගමු පුරවැසි කමිටුව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලිපියක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

පිටිපන ලෙල්ලමේ ගැටලුව සම්බන්ධයෙන් මීගමු පුරවැසි කමිටුව පෙන්වා දෙන්නේ කතෝලික සභාවත් පිටිපන ධීවර සමිතිත් තවදුරටත් නම්‍යශීලිව ප්‍රශ්නය විසඳාගත යුතු බවයි.

උසාවියේ තීන්දු තීරණ කිනම් මට්ටමක පැවතියද සියල්ලෝම කතෝලිකයෝ යන මතයේ සිටිමින් සමාව දීමේ ගුණාංගය පිළිඹිබු වන ලෙස කටයුතු කළ යුතු බව මීගමු පුරවැසි කමිටුව පෙන්වා දේ.

මෙක්සිකෝවේ නගරාධිපතිනියක් ඝාතනය කෙරේ...

මෙක්සිකෝවේ නගරාධිපතිනියක් ඝාතනය කෙරේ...

අති උතුම් කාදිනල් හිමිපාණන් ඉදිරි කාලයේදී විශ්‍රාම යනවිට මෙම ගැටලුව තවත් අගරදගුරුතුමෙකුට භාර දෙනවාට වඩා එම නඩුව ඉල්ලා අස්කරගෙන සාකච්ඡාමය විසඳුමකට යෑමට මීගමු පුරවැසි කමිටුව යෝජනා කරයි.

ඒ වෙනුවෙන් මීගමු පුරවැසි කමිටුව පෙරමුණ ගැනීමට සූදානම් බවද දන්වා තිබේ.

ලෝකෙම නොඉවසිල්ලෙන් බලා හිටිය ඉන්දියාවේ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙයි - බලය කාට ද?. (VIDEO)

ලෝකෙම නොඉවසිල්ලෙන් බලා හිටිය ඉන්දියාවේ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙයි - බලය කාට ද?. (VIDEO)

මෙම ධීවර ගැටලුව ඔඩු දුවා යම් විනාශයක් වුවහොත් එය අගරදගුරුතුමන්ගේ පැත්තෙන් මෙන්ම ධීවරයන්ටද

විශාල ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇති බවද සියල්ලේම අවසන් විසඳුම අගරදගුරුතුමන් සතු වන බව මීගමු පුරවැසි කමිටුව උන්වහන්සේට යැවූ ලිපියෙහි දන්වා ඇත.

ඉදිරි දින කිහිපය තුළ සිදුවීමට ඉඩ ඇති අධිකරණමය ක්‍රියාවලිය හා වෙනත් නියෝජිතයන් පත් කරවීම තාවකාලිකව හෝ නවතා දමා ඒ ආරම්භ වන රදගුරු සමුළුවෙන් පසු දිනෙක මීගමු පුරවැසි එකමුතුවේ නිරීක්ෂණ කණ්ඩායම හා අගරදගුරුතුමන් සමග මුහුණට මුහුණ සාකච්ඡාවක් පවත්වා මීළඟ තීන්දු තීරණවලට යාම සුදුසු බව එම කමිටුව පෙන්වා දෙයි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන දැනුම්දීමක් මෙන්න.(PHOTO)

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන දැනුම්දීමක් මෙන්න.(PHOTO)

මීගමුව පිටිපන එක්සත් ධීවර සමිතියේ විශේෂ මහා සභාවක් ඉකුත් මැයි 26 වැනිදා පවත්වා ඇති අතර එහිදී නිලධාරි මණ්ඩලය ඉල්ලා අස්වී ඇත.

සමිතියේ සාමාජිකයන්ගේ ඉල්ලීම පරිදි හිටපු නිලධාරි මණ්ඩලය නැවත තෝරා පත්කරගෙන ඇත.

එම ධීවර සමිතියේ සාමාජිකයන් එහිදී ඉල්ලා ඇත්තේ පිටිපන ලෙල්ලමට කිසිවෙකුත් අන නොතබන ලෙසයි.

යම් හෙයකින් අනවශ්‍ය බලපෑම් වුවහොත් ගමක් ලෙස ඒ සියල්ලටම මුහුණ දෙන බව ධීවරයෝ එහිදී පවසා ඇත.