ගණේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු වහා අත්අඩංගුවට.. (UPDATE)

Report
UPDATE ;

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී ය.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් ය.

කෙසේ වෙතත්, මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙක් වේ.

---------------------------------------------

ගණේමුල්ලේ සංජීව ඝාතනයට නීතිඥ වෙසින් ආ ඝාතකයා හඳුනා ගනී..

පොලීසිය විසින් මේ වන විට සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබයි.

එහිදී නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණ මෙම ඝාතනය සිදුකළ පුද්ගලයා පිළිබඳව මේ වනවිට පොලීසිය කරුණු අනාවරණය කරගෙන ඇත.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරිම පාර්ලිමේන්තුවට අදත් යයි.. වහා ආණ්ඩුවෙන් කීව දෙය මෙන්න..(VIDEO)

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරිම පාර්ලිමේන්තුවට අදත් යයි.. වහා ආණ්ඩුවෙන් කීව දෙය මෙන්න..(VIDEO)

ඉන්ධන වලට පැන වූ බදු අඩු වෙයි.. ඉන්ධන මිලත් පහළට?. මෙන්න දැන් ලැබුණ ආරංචිය..

ඉන්ධන වලට පැන වූ බදු අඩු වෙයි.. ඉන්ධන මිලත් පහළට?. මෙන්න දැන් ලැබුණ ආරංචිය..

මෙම ඝාතනය සිදුකළ වෙඩික්කරු ඉකුත් මස 7 වනදා ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතතය කිරීමට පැමිණි වෙඩිකරු බව පොලීසිය සදහන් කළේ ය.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සදහන් කළේ බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන පැමිණි ගණේමුල්ල සංජීවගේ ආරක්ෂාව සඳහා බන්ධනාගාර නිලධාරීන් මෙන්ම STF නිලධාරීන් 12 දෙනෙකු ආරක්ෂාවට යොදවා තිබූ බවයි.

You May Like This Video👇