ජැෆ්නා කිංග්ස් LPL අවසන් මහා තරගයට..

Report

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට චරිත් අසලංක නායකත්වය දරණ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.

ඒ දෙවන අවසන් පුර්ව වටයේ තරගයෙන් වනිදු හසරංග නායකත්වය දරණ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත් කිරීමත් සමගය.

දෙමාපියනි ඔබේ නව යොවුන් දරුවන් පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න..මෙන්න හේතුව..

දෙමාපියනි ඔබේ නව යොවුන් දරුවන් පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න..මෙන්න හේතුව..

තරගයේ කාසියේ වාසිය දිනා ගත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 187ක් රැස්කළේය.

මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතියේ අලුත්ම අනාවරණ..

මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතියේ අලුත්ම අනාවරණ..

එහිදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 105ක් රැස්කළේය.

ලකුණු 188ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ පිතිකරුවන්ට නියමිත පන්දු ඕවර 20 අවසානයේ රැස් කර ගත හැකි වූයේ ලකුණු 186ක් පමණි.

අද සිට වැසි තත්ත්වය වෙනස් වෙයි..අවධානයෙන් සිටින්න..

අද සිට වැසි තත්ත්වය වෙනස් වෙයි..අවධානයෙන් සිටින්න..

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් ලකුණු 38ක් රැස්කළ අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 32ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ෆේබියන් ඇලන් කඩුලු 04ක් දවාගත් අතර විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 03ක් දවාගත්තේය.