වැටුප් ප්‍රශ්නය තවත් උඩුදුවයි..මේ සම්බන්ධයෙන් ගත් තීරණය මෙන්න.

Report

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සම්මතවීම තවදුරටත් ප්‍රමාද වී තිබෙන බව වාර්තා වනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අදාළ යෝජනාව ඊයේ (13) රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව අඩංගු කරුණු සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලබාගැනීමට එහිදී තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ යෝජනාව මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයට යළි ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇත.

විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 14ක් මියයයි..60කට අධික පිරිසක් තුවාල ලබයි(PHOTOS).

විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 14ක් මියයයි..60කට අධික පිරිසක් තුවාල ලබයි(PHOTOS).


කෙසේවෙතත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා පවසන්නේ, සිය ගැටලුවට විසඳුම් ලබාදීම තවදුරටත් ප්‍රමාද වීම හේතුවෙන් ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අතර ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ, සේවා ව්‍යවස්ථාවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද සිට දින තුනක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

පසුගිය සතියේ දින 02ක් අසනීප නිවාඩු වාර්තා කරමින් ග්‍රාම සේවා නිලධාරීන් විසින් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට කිසිදු විසඳුමක් ලැබී නොමැති බව, ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා ප්‍රකාශ කළා.

මුළු රටේම කාන්තාවන්ට සතුටුදායක ආරංචියක්..මෙන්න අලුතෙන්ම ගත් විශේෂ තීරණය..

මුළු රටේම කාන්තාවන්ට සතුටුදායක ආරංචියක්..මෙන්න අලුතෙන්ම ගත් විශේෂ තීරණය..


සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ලබන මැයි මස 27 වන දින සියලු ග්‍රාම නිලධාරීවරුන් කොළඹට කැඳවා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.