විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 14ක් මියයයි..60කට අධික පිරිසක් තුවාල ලබයි(PHOTOS).

India Accident Death World
By Aruna May 14, 2024 02:58 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියාවේ මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙන පුවතක් වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මුම්බායි නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයත් සමග මෙම දැන්වීම් පුවරුව කඩා වැටී ඇති බවයි.

මුළු රටේම කාන්තාවන්ට සතුටුදායක ආරංචියක්..මෙන්න අලුතෙන්ම ගත් විශේෂ තීරණය..

මුළු රටේම කාන්තාවන්ට සතුටුදායක ආරංචියක්..මෙන්න අලුතෙන්ම ගත් විශේෂ තීරණය..


එහිදී තවත් පුද්ගලයින් 60කට අධික පිරිසක් තුවාල ලබා තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඉන්ධන පිරවුම්හලක් අසල සවිකර තිබූ දැන්වීම් පුවරුවක් මෙසේ කඩා වැටී ඇති අතර වාහන රැසකට ද දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වනවා.

මහාරාෂ්ට ප්‍රධාන අමාත්‍යවරයා නියෝග කර තිබෙන්නේ, අදාළ දැන්වීම් පුවරුව නීත්‍යානුකූළ අවසරයක් ලබාගෙන සවිකර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසයි.

GalleryGalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%