මුළු රටේම කාන්තාවන්ට සතුටුදායක ආරංචියක්..මෙන්න අලුතෙන්ම ගත් විශේෂ තීරණය..

Parliament of Sri Lanka Sri Lanka Parliament Dr Mrs Sudarshini Fernandopulle Sri Lanka Politician
By Aruna May 14, 2024 02:08 AM GMT
Aruna

Aruna

Report

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා නව පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වනවා.

අදාළ පනත් කෙටුම්පත් දෙක පෞද්ගලික මන්ත්‍රී යෝජනාවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් වී ඇති අතර එමඟින් සෑම පිළිගත් දේශපාලන පක්ෂයකම කාන්තා නියෝජනය සියයට 30කට නොඅඩු ප්‍රතිශතයක් ඇතුළත් කිරීම සඳහා යෝජනා කර තිබීම විශේෂත්වයක්.

මෙවර සියලුම සාමාන්‍ය පෙළ සිසුන්ට සතුටුදායක ආරංචියක්..විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..

මෙවර සියලුම සාමාන්‍ය පෙළ සිසුන්ට සතුටුදායක ආරංචියක්..විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..


ඊට අමතරව විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා නම් කරනු ලබන ජාතික ලැයිස්තුවට සියයට 50කට නොඅඩු කාන්තා සාමාජිකයින් සංඛ්‍යාවක් ඇතුළත් කළ යුතු බවට වූ යෝජනාවක් පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බව ද වාර්තා වේ.

අද සවස 1.00න් පස්සෙ එළියට යනවනම් සූදානමින් යන්න..නැතිනම් අමාරුවෙ වැටෙන්න පුළුවන්..

අද සවස 1.00න් පස්සෙ එළියට යනවනම් සූදානමින් යන්න..නැතිනම් අමාරුවෙ වැටෙන්න පුළුවන්..


පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, දේශපාලන පක්ෂවලින් කාන්තා නියෝජනය ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ඉල්ලීම් කළ ද ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අදාළ ඉල්ලීම නීතියක් ලෙස ගෙනඒමට තීරණය කළ බවයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%