ලංකාවේ ගාමට් ටිකත් වැහෙනන තැනට,කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා

Report

ඇඟලුම් ක්ෂේත්‍රය යනු ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට අති විශාල දායකත්වයක් ලබාදෙන සේවාවකි. එම සේවාව තුළ නිරත වෙමින් තමන්ගේ ජීවිත ගැටගසා ගන්නා පිරිසත් ඉතා ඉහළයි.

වර්තමානය වන විට ඇඟලුම් ක්ෂේත්‍රය අභියෝග කීපයකට මුහුණ දෙමින් ඉදිරියට යන ක්ෂේත්‍රයක් වන අතර ඒ අතරින් වැට් බදු සම්බන්ධ ප්‍රශ්නයකට ඔවුන් වර්තමානයේ මුහුණ දී ඇත.

ඒ අනුව මෙම වසරේ (2025) ඔක්තෝබර් 01 වැනි දින සිට සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමත් සමග ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වන ඇඟලුම් ක්ෂේත්‍රයට රු.බිලියන 12ක මුදලක් වැට් බදු ලෙස මුදලින් (අලුතින්) ගෙවීමට සිදු වනු ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි.

මීට පෙර සරල කරන ලද වැට් බදු ක්‍රමයේ දී, ඒ සඳහා වවුචර් ක්‍රමයක් ක්‍රියාත්මක වූ බවත් ඒ නිසා බදු ගෙවීමට මුදල් හිර වීමක් සිදු නොවූ බවත් එම සංසදය පවසයි.

පාස්කු ප්‍රහාරයේ අවශ්‍ය කරුණු කීපයක් ආරක්ෂක අංශ ප්‍රධානියෙක් සගවලා

පාස්කු ප්‍රහාරයේ අවශ්‍ය කරුණු කීපයක් ආරක්ෂක අංශ ප්‍රධානියෙක් සගවලා

අපනයනකරුවන් විසින් මෙසේ ගෙවනු ලබන වැට්බදු ප්‍රතිපූර්ණය දින 45ක් තුළ ඔවුන්ට හිමි විය යුතු බවත්, එබැවින් අනිසි ප්‍රමාදයකින් තොරව වැට් බදු ප්‍රතිපූර්ණය අපනයනකරුවන්ට හිමි වීම තුළින් දැඩි පීඩනයකින් තොරව අපනයනකරුවන්ගේ මුදල් ප්‍රවාහය කළමනාකරණය කිරීමට ඔවුන්ට හැකි වනු ඇති බවත් එම සංසදය කියයි.

ඇල්ලේ අනතුරට ලක් වූ බස් රථය ගැන නැවතත් සැකයක්

ඇල්ලේ අනතුරට ලක් වූ බස් රථය ගැන නැවතත් සැකයක්

මීට අමතරව සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීම සැපයුම්කරුවන් සඳහා සෘජුව බලපානු ඇති බවත් මේ නිසා විශේෂයෙන්ම ඇමරිකානු ඩොලර් බිලියනයක අමුද්‍රව්‍ය පදනමක් රට තුළ ගොඩනැංවීම සඳහා දායක වීමට අපනයනකරුවන්ට ක්ෂණික තරගකාරීත්වයකට මුහුණ දීම අභියෝගාත්මක වනු ඇති බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය තවදුරටත් පෙන්වා දෙයි.

ව්‍යාපාරවලට කිරියෙන් පැනියෙන් උතුරන සිකුරා නළලේ කොටපූ අද දවසේ ලග්න පලාපල

ව්‍යාපාරවලට කිරියෙන් පැනියෙන් උතුරන සිකුරා නළලේ කොටපූ අද දවසේ ලග්න පලාපල