එක්දින ලෝක කුසලානයේ පළමු අවසන් පුර්ව තරඟය අද...
Cricket
Indian Cricket Team
New Zealand Cricket Team
Mumbai
ICC World Cup 2023
By Hashini
එක්දින ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පුර්ව වටයේ තරඟ අද (15) සිට ආරම්භ වනවා.
අවසන් පුර්ව වටයට ඉන්දියාව , නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් සුදුසුකම් ලැබුවා.
මෙහි පළමු තරඟය පැවැත්වෙන්නේ ඉන්දියාව හා නවසීලන්තය අතරයි.
මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පස්වරු 02.00ට තරඟය ආරම්භ වීමට නියමිතයි.
එම තරඟයේ කාසියේ වාසිය ඉන්දියාව හිමි කර ගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.
මෙම තරඟය දෙපිලටම වැදගත් වන අතර මෙයින් ජයග්‍රහණ කරනු ලබන කණ්ඩායම සෘජුවම අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට නියමිතයි.
