කණ්ඩලමේ හැඩකාරයාත් සදහටම සමු ගෙන
මාස 6කට අධික කාලයක් කණ්ඩලම වැව් තාවුල්ලේ ප්‍රතිකාර ලබමින් සිටි 'කණ්ඩලමේ හැඩකාරයා' වන අලියා අද (13) දින පස්වරුවේ මියගොස් ඇති බව වාර්තා වේ.
ඉදිරි පාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුණු මෙම සද්දන්තයා වයස අවුරුදු 25 -30 අතර පසු වූ අලියෙක් බව සඳහන්.
එසේම කණගාටුදායක පුවත නම් අලි - මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම වනඅලියා අවස්ථා රැසකදීම වෙඩි ප්රහාරයන්ට ලක්ව සිටීමයි.
ඒ අනුව මීට වසරකට පමණ ඉහත දී ද වෙඩිප්‍රහාරයක් එල්ල වී ඉන් ප්‍රතිකාර ලබා වනයට මුදාහැර සිටියදී නැවත මෙසේ වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටි බව සඳහන්.
