හෙට UNESCO සංවිධානයේ අධ්‍යක්ෂවරිය දිවයිනට...

Report

හෙට (16) එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්...

දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්...

ශ්‍රී ලංකා රජයේ ආරාධනයක් අනුව සංචාරයක නිරතවන ඇය ලබන 19 වැනි දින දක්වා මෙරට රැදී සිටිනු ඇත.

මෙම සංචාරය අතරතුරදී අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වීමට නියමිත අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය තාරක බාලසූරිය යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාව අද...

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාව අද...

මීට අමතරව ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන සැමරුම් උත්සවයට අධ්‍යක්ෂ ජනරාල්වරිය සහභාගී වන අතර යුනෙස්කෝ ලෝක උරුම නැරඹීමට ද නියමිතව තිබෙනවා.