යළි කල් ගිය ක්‍රිකට් නඩුව.
ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා ශ්‍රී ලංකා ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය හෙට (24) දිනට කල්තැබුණා.
පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලීම සිදු කළ අතරම, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.
එම පෙත්සමේ වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීම සඳහා හෙට දිනය තෙක් කල් තැබුණා.
විනිසුරු සෝභිත රාජකරුණා, විනිසුරු ඩී.එන්. සමරකෝන් යන අය හමුවේ පෙත්සම අද කැඳවනු ලැබුවා.
ඊයේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී එය අද දක්වා කල් තැබුණා.
එම පෙත්සම ගොනු කර තිබුනේ ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසිනි.