පාසල් සිසුන්ට ලන්ච් ෂිට් කැවූ විදුහල්පති ගැන අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්....(VIDEO)
පාසල් සිසුන්ට දිවා ආහාරය ඔතන ලද ලන්ච් ෂීට් සහ පත්තර කඩදාසි බලහත්කාරයෙන් කැවීම සම්බන්ධයෙන් පුවතක් නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ඊයේ (22) වාර්තා වුණා.
ලන්ච් ෂීට් වල බත් ඔතන් ආ පාසල් සිසුන් 07කට විදුහල්පතිවරයෙක් දුන්න හිතන්නවත් බැරි දඬුවම - සිසුන් දෙදෙනෙක් රෝහලේ.. අවසානයේ සිදුවුණ දෙය.
ඔවුන්ට එම පොලිතින් කන ලෙස බලකළ බව පැවසෙන රඹුක්පිටිය මාධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොළ කලාපයට මාරු කර යවා තිබෙනවා.
පාර්ලිමේන්තුවේදී අද (23) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒ බව පැවසුවා.
අමාත්‍යවරයා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අමතා එම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගෙන තිබෙනවා.
අදාළ පාසලේ 11 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් දිවා ආහාරය ලන්ච් ෂීට්වල ඔතාගෙන රැගෙන විත් ඇති අතර, පාසල පොලිතීන්වලින් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යන බැවින් අදාළ සිසුන්ට එම ලන්ච් ෂීට් හා පත්තර කඩදාසි කන ලෙස විදුහල්පතිවරයා බලකර තිබෙනවා.
සිදුවීමට මුහුණ දුන් පාසල් සිසුන් දෙදෙනෙකු ඊයේ (22) උදෑසන වනවිටත් නාවලපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතරම, අනෙකුත් සිසුන් පස් දෙනා අද (23) දින පාසල් පැමිණ ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසියට ද පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
අදාළ විදුහල්පතිවරයා මේ වන විට ගම්පොළ කලාපයට මාරු කර යවා ඇත්තේ එම පරීක්ෂණ කටයුතු වල පහසුව වෙනුවෙනි.