''දුව නම් මිස් තරම් ලස්සන නෑ'' - අනුදිගේ අම්මා කියන කතාව

Sinhala news Miss world Anudi Gunasekara miss world 2025 miss world sri lanka 2025
By Hashini May 28, 2025 08:31 AM GMT
Hashini

Hashini

Report

ලෝක රූ රැජින තරඟයට ගිය අනුදිගේ අම්මා හරි අපුරු කතාවක් කියනවා. ඒ අනුදි ගැන.. එයා ඉපදුණු වෙලාවේ නර්ස් නෝනා කෙනෙක් මං ළඟට ඇවිත් කිව්වා ‘දුව නම් මිස් තරම් ලස්සන නෑ’ කියලා..

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

මීට වසර නවයකට පෙරාතුව අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල දවස. එදා ඔල්ම්පික් ගිනි සිළුව දැල්වීමට පහන් සිළු රැගෙන යාම වෙනුවෙන් කුමාරිකාවන් ලෙස හැඳ පැළඳගත් සිසුවියන් කිහිපදෙනෙකු සූදානමින් සිටියා. ඔවුන් තෝරාගැනීමේ වගකීම පැවරී තිබුණේ එවකට පාසලේ ක්‍රීඩාභාර ආචාර්යවරියක් වුණ නිමේෂා ගුරුතුමියට. එදා ඇගේ තේරීම වු‍ණේ 12 ශ්‍රේණියේ කලා අංශයේ සිසුවියක්. සිහින් සිරුරැති ඒ සිසුවියට පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන් සිළු රැගෙන යන කුමාරිකාවක් ලෙස පෙනී ඉන්නා ලෙසට ගුරුතුමිය ඇරයුම් කරලා. හැබැයි ඇරයුම භාරගන්නවා වෙනුවට මේ දැරිවි කළේ තමාට වඩා දිගු වරලසක් සහ හොඳ පෙනුමක් හිමි තමාගේ මිතුරිය ඊට වඩාත් සුදුසු බව ගුරුතුමියට යෝජනා කිරීම. අන්තිමේදී ඒ අවස්ථාව ලැබුණේ ඇගේ මිතුරියට.

එදා ඒ විදියට තමන්ට ලැබුණ අවස්ථාව මිතුරියට පිරිනැමීමට තරම් පරිත්‍යාගශීලී වුණු ඒ දැරිවි තමයි මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන 72 වන ලෝක රූ රැජින තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටින්නේ. වෙන කවුරුත් නෙවෙයි ඒ , ලක්වාසී හැමෝගෙම ආදරය දිනාගනිපු අනුදි ගුණසේකර. මොන අම්ම ද සතුටු නිහිතෙන්නේ තමන්ගේ දියණිය ලෝක රූ රැජින තරඟය නියෝජනය කරද්දි ? ඉතින් අද අනුදිගේ අම්මා අනුදි ගැන කියන කතාව අහලා බලමු. ඇය තමයි රූපලාවණ්‍ය ශිල්පිනී දිස්නා සංජීවනී අබේසිංහ.

මෙන්න විශේෂ නිවේදනයක් - නායයාම් අනතුරු ඇඟවූ ප්‍රදේශ මෙන්න

මෙන්න විශේෂ නිවේදනයක් - නායයාම් අනතුරු ඇඟවූ ප්‍රදේශ මෙන්න

මං මගේ ජීවිතේ කාලයක් තිස්සේ දැකපු හීනයක් තමයි ලස්සන විවාහයක් වගේම ලස්සන පවුලක් කියන්නේ. ඉතිං මම ඒ හීනෙට පණදෙන්න 1998 අවුරුද්දේ විවාහ වුණා. ඒ, ඒ වෙද්දී ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ බලකායේ සේවයේ කරපු හේමන්ත ගුණසේකර එක්ක. දැන් ඔහු පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් විදියට සේවය කරනවා. විවාහයෙන් පස්සේ අපි පදිංචි වෙලා හිටියේ අනුරාධපුරේමයි. විවාහයෙන් පස්සේ මං ගොඩක් ආසාවෙන් හිටියේ පවුලේ පළවැනි දරුවා විදියට දුවෙක් ලැබෙනවට. ඒත් මහත්තයා කැමැත්තෙන් හිටියේ පුතෙක්ට. කොහොමහරි 1999 නොවැම්බර් 07 වැනිදා මගේ දෝතට ආවේ දූ කුමාරිකාවක්. ඒ තමයි අනුදි. ඇය ඉපදුණ වෙලාවේ ගොඩක් කෙට්ටුයි වගේම ලොකුවට පැහැපත් නෑ. ඒ වෙලාවේ නර්ස් නෝනා කෙනෙක් මං ළඟට ඇවිත් කිව්වා දුව නම් මිස් තරම් ලස්සන නෑ කියලා. හැබැයි මාස තුන සම්පූර්ණ වෙද්දී ඒ හැමදෙයක්ම වෙනස් වෙලා අනුදි ටික ටික පාටවෙලා ආවා.”

ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක් - බහරේන් යන්න ලෑස්ති වෙන්න..

ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක් - බහරේන් යන්න ලෑස්ති වෙන්න..

අනුදි පුංචි කාලෙ ඉඳලම හැමෝටම උදව් කරගෙන තමන්ගේ ගමන ගිය කෙනෙක්. ඒ කාලේ පාසල් යද්දී මම කොණ්ඩ කටු ගහලා රිබන්වලින් කොණ්ඩය බැඳලා ලස්සනට අන්දලා යවනවා. අනේ ආපහු එද්දී ඒ කොණ්ඩ කටු, රිබන් කිසිම දෙයක් නැහැ. අහද්දී කෝ දුවේ කොණ්ඩ කටු ටික කියලා, මම ඒවා යාළුවෙක්ට දුන්නා අම්මේ කියලා හිනාවෙවී කියනවා. වයසින් මුහුකුරා යද්දී පවා එයාගේ ඒ ගතිය නැති වුණේ නෑ. කඩේකට ගියත් කුසගින්නේ ඉන්න කෙනෙක් දැක්කොත් එයාට කන්න මොනවහරි අරන් දීලා තමයි ආපහු එන්නේ. අනිත් එක මම වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක් නිසා එයාව පුංචි කාලේ ඉඳලම බලාගත්තෙ අත්තම්මා. ඒක අනුදිට ගොඩක් තදින්ම දැනිලා තිබුණේ. ඒ නිසා අත්තම්මා අසනීප වුණ වෙලාවේ පවා එයාගේ ආවතේව කරලා කවලා පොවලා තමයි ඇය පාසල් පවා ගියේ. මේ වෙද්දී අත්තම්මා නැතිවෙලා අවුරුදු කිහිපයක් ගත වුණත් අදටත් එයාගේ අතින්ම උයලා දානමාන දීලා අත්තම්මාට පිං අනුමෝදන් කරනවා. එයා ලෝක රූ රැජින තරඟයට පවා ගියේ අත්තම්මාට ගෞරවයක් විදියට ඇගේ නම කොටපු මුද්දක් අතේ දාගෙන.”

ඒ විදියට ගුණයෙන් සහ රුවින් වැඩුණ අනුදි නැණ සොයා පළමුව ගියේ අනුරාධපුරය ඩී.එස්. සේනානායක විදුහලට. පසුව අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වන්නට ඇය වරම් උදාකරගත්තේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වෙමින්. අනුදිගේ මව පැවසුවේ එහිදී නැටුමට, වැයුමට, කවි බැඳුමට වගේම ශිෂ්‍ය නායකත්වයටත් උපන් හපන්කම් දක්වපු ඇය පාසලේ ජනප්‍රිය සිසුවියක් වූ බවයි.

අනුදි දුව හැමදෙයක්ම කළේ සැලසුමක් ඇතුව. එයා උසස් පෙළට කලා විෂය ධාරාව යටතේ භාෂාවන් තෝරාගත්තේ කවදහරි දවසක තානාපතිනියක් බවට පත්වෙලා රටට කීර්තියක් අත්කරලා දෙනවා කියන අරමුණත් එක්ක.”

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

ඒත් උසස් පෙළ කාලයේදී 1994 ලෝක රූ රැජින වුණ අයිශ්චර්යා රායිව දැකලා අනුදිත් හිතුවලු කවදහරි දවසක අයිශ්චර්යා වගේම ලෝක රූ රැජිනක් වෙනවා කියලා.

ඒ වෙනුවෙන් ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උපාධිය හදාරන ගමන් නිරූපණ කටයුතුවල නිරත වෙලා ඊට අවශ්‍ය මුදල් වගේම අත්දැකීමුත් උපයගත්තා. කිසිම වෙලාවක අපෙන් ඒ වෙනුවෙන් මුදල් ඉල්ලුවේ නැහැ. මූලික අධ්‍යාපනය ලබාදුන්නට පස්සේ එතැන ඉඳලා එයා එයාගේ ගමන තනියම ගොඩනගාගත්තේ. ඒත් අපෙන් සහයෝගය ලැබෙන්න ඕන වෙලාවට අපි උපරිම සහයෝගය ලබාදුන්නා.” යයි අනුදිගේ මව පැවසුවා.

එයා නිරූපණ ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ තිර පරීක්ෂණ 20කින් විතර ප්‍රතික්ෂේප වුණා. ඒකට කෙට්ටු බව වගේම කොළඹ නුහුරුවීමත් සමහරවිට බලපාන්න ඇති. ඒත් එහෙම වුණා කියලා එයා කිසිම වෙලාවක තමන්ගේ අරමුණ අත්හැරියේ නැහැ. තමන්ගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න මහන්සිවෙලා කැපවෙලා වැඩ කළා. ඒ විතරක් නෙවෙයි ලෝක රූ රැජින තරඟාවලියේ දක්ෂතා ඉදිරිපත් කිරීමේ තරඟ වටයට අඳින්න සුදුසු ඇඳුමක් මහන්න කාලය සීමිත වීම වගේ හේතු මත ආයතන ඒ වැඩේ භාරගන්න පැකිළුනා. ඒ වෙලාවේ අනුදි මට කිව්වා අම්මේ මට ඇඳුම ගැන හිතනවට වඩා මේ වෙලාවේ තරඟය වෙනුවෙන් සූදානම් වෙන එක වටිනවා. ඒක නිසා අම්මා මට ඇඳුමක් මහල දෙන්න. මං ඒක අඳින්නම් කියලා. ඒ වෙලාවේ මමයි මගේ නිවුන් සහෝදරියයි එකතුවෙලා කොළඹ පුරා ඇවිදලා අවශ්‍ය කළමනා ටික අරගෙන ඇඳුම මහන්න පටන්ගත්තා. පුතා මේ වෙද්දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන නිසාත් චූටිදුව කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක පාසලේ ඉගෙනගන්න නිසාත් ඒ අයගේ පහසුවට අපි හැමෝම කොළඹ යූනියන් ප්ලේස් හි පොලිස් නේවාසිකාගාරයේ පදිංචියට ඇවිත් ඉන්නේ. ඒහේ ඉඳන් තමයි දවස් දෙකෙන් අනුදි දුවගේ ඇඳුම මැහුවේ. අවසානේ දුව ඒ ගෞරවය මට ලබාදීලා තිබුණා. ඒත් එක්කම මම ලංකාව වෙනුවෙන් යුතුකමක් කළා කියන හැඟීම මවක් විදියට වගේම ලාංකිකයෙක් විදියටත් මට තදින්ම දැනුණා.”

අනුදිගේ හඬට හරිනිත් පණ දෙයි(PHOTO)

අනුදිගේ හඬට හරිනිත් පණ දෙයි(PHOTO)

ඇය අනුදිට කුඩා කාලේ ඉදලම සමීප මිතුරියක් විදිහටලු. ඒ නිසාම මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන තරඟාවලියේ තොරතුරු පවා දුරකතන ඇමතුමකින් සැඳෑවට සිය මව සමඟ බෙදාහදා ගන්න අනුදි අමතක කරලා තිබුණේ නෑ.

“ඒ වගේම තමයි තරඟාවලිය තුළදී ඇයට ගොඩක්ම අත්දකින්න ලැබුණා කිව්වා ලංකාවේ අයගේ වගේම විදේශිකයින්ගේ වෙනස. විදේශිකයෝ ගොඩක් වෙලාවට තව කෙනෙක්ට උදව් කරන්න පැකිළෙන ගතියක් එයා දැක්කලු. මේ තරඟාවලියට වයස අවුරුදු 17ක ළමයෙකුත් ඇවිත් හිටියා. ඒ ළමයගේ ජාතික ඇඳුම තට්ටු දෙකක් විතර උසයිලු. ඉතින් ඒක ඔසවගෙන යන්න ඒ ළමයට කිසි කෙනෙක් උදව් කරල නැහැ. ඒ වෙලාවේ අනුදි දුව විතරයි ඒ ළමයාට උදව් කරන්න ඉදිරිපත් වෙලා තිබුණේ. අනිත් අයට සහයෝගය දක්වන ගමන් ඇය Miss Talanted අවසන් තරඟයටත් සුදුසුකම් ලැබුවා. ඒ අතරේ Head to Head Challenge තරඟවටයට ඇය පසුගියදා මුහුණ දුන්නා. එතැනදී තමන්ව හඳුන්වාදෙන ගමන් කතාවක් ඉදිරිපත් කරන්නයි තිබුණේ.”

Head to Head Challenge තරඟවටයේදී අනුදි සිදුකළ කතාව බොහෝදෙනෙකුගේ ඇසට කඳුළක් නැංවූවා පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් අවධානයට ද පාත්‍ර වුණා. එහිදී ඇය බුදු වදනකින් ආරම්භය ගෙන, අපේ රට ගැනත් ඕනෑම දේකට ඔරොත්තු දෙන අපේ රටේ මිනිස්සු ගැනත් අපූරුවට කතා කළා. ඒ වගේම දැරියන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ඇගේ සහේලි ව්‍යාපෘතිය පිළිබඳවත් ලෝකයට හඬගා කීවා. ලැබුණ විනාඩි කිහිපයෙන් ඇය උපරිම පල නෙළාගත්තේ එලෙසයි. එම තරඟවටයේදී සේම ඉදිරියේදී පැවැත්වෙන Beauty Purpose ඇතුළු තරඟවට සියල්ලෙන්ම උපරිම පල නෙළාගැනුමට ඇයට හැකිවේවා අපි ප්‍රාර්ථනා කරමු.

එළැඹෙන මැයි 31 වනදාට 2025 ලෝක රූ රැජින මේ පුංචි දූපතෙන් බිහිවේවායි අපි ද ප්‍රාර්ථනා කරමු.

දිනෙන් දිනට වෙනස් වෙන රත්තරන් - අද මිල ගණන් මෙන්න..

දිනෙන් දිනට වෙනස් වෙන රත්තරන් - අද මිල ගණන් මෙන්න..

 

ReeCha