අනුදිගේ හඬට හරිනිත් පණ දෙයි(PHOTO)

Report

අද (27) දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් අතිශය ස්වභාවික සංසිද්ධියක් වන කාන්තා ඔසප් චක්‍රය සම්බන්ධයෙන් සමාජයෙන් නැගෙන අපවාද හේතුවෙන් කාන්තාවන් දුක් විඳින බව පවසා ඇත.

එසේම එයින් ඔවුන් මුදවා ගැනීමට අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබෙනවා.

කොකටත් මීටරේ දුර තියා ගන්න...නව කොවිඩ් අවදානම ගැන අනතුරු ඇඟවීමක්

කොකටත් මීටරේ දුර තියා ගන්න...නව කොවිඩ් අවදානම ගැන අනතුරු ඇඟවීමක්

ඇය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ ඔසප් දරිද්‍රතාවයට එරෙහි සාමූහික ක්‍රියාකාරීත්වය යන තේමාවෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවැත් වූ period Proud 2025 සමුළුව අමතමින්.

තවද කාන්තාවන්ගේ මාසික ඔසප්වීම අපහාසයට ලක්විය යුතු කරුණක් නොවන බව ද එහි දී ඇය කියා සිටියා.

අග්‍රාමාත්‍යවරිය මෙය ස්වභාවික සංසිද්ධියක් බව පවසමින් සඳහන් කළේ ඔසප් සෞඛ්‍යය සහ ඔසප් දරිද්‍රතාවය යනු හුදෙක් සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව, ගරුත්වය, සමානාත්මතාවය සහ මානව අයිතිවාසිකම් හා බැඳුණු කාරණයන් බවයි.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ පාසල් සිසුවියන් රැසකට කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන නොමැතිවීම හේතුවෙන් ඔවුන්ට පාසල් යාම මගහැරෙන බව හෙළි වී ඇති බවයි.

ඒ බව කියා සිටියේ ත්‍රිකුණාමලය, මහනුවර සහ කොළඹ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සිදු කළ නවතම සමීක්ෂණ වාර්තාවක් අනුවයි.

එසේම බොහෝ කාන්තාවන් අනාරක්ෂිත විකල්පවලට යොමු වීම ද ඉතාම අවධානම් සහගත තත්ත්වයක් බව ද මෙහිදී ඇය පවසා ඇත.  

එසේම පසුගියදා ලංකාවේ බොහෝ කාන්තාවන් මුහුණ දෙන මෙම ගැටලුව පිළිබඳ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2025 ලෝක රූ රැජිණ තරඟයට සහභාගී වී සිටින අනුදි ගුණසේකර ද ජාත්‍යන්තර වේදිකාවේ දී කතා කළා.

කොටුව පැත්තට යන අයට විශේෂ දැනුම් දීමක්

කොටුව පැත්තට යන අයට විශේෂ දැනුම් දීමක්

GalleryGalleryGalleryGallery