හෙදියකට කල දෙයට වෛද්‍යවරයාට වැඩ වරදී ..හිතාමතා කලෙ නෑ කියා බෙරෙන්නත් හදලා..

Report

කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු විසින් දියවැඩියා රෝගියකුගේ පාදයේ මහපට ඇඟිල්ල කපා දැමීම සඳහා යොදාගත් කතුරකින් හෙදියකගේ හිසට පහර දීම සිදුවීමක් වාර්තා විය. එහිදී එම සිදුවීමට අදාළ එම විශේෂඥ වෛද්‍යවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියට භාජනය වූ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි මාධවී බුද්ධිකා රාජගුරු නමැති හෙදියට රුපියල් 50000/- ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බව කුරුණෑගල මහ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ ශල්‍ය වෛද්‍ය අශෝක විජයමාන්නට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන් ලදි.

ඊශ්‍රායලය අවදානමට පෙර සුදානමක..

ඊශ්‍රායලය අවදානමට පෙර සුදානමක..

එම වන්දි මුදල මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ නියෝගයේ සඳහන් විය.

කුරුණෑගල මහා රෝහලේ ශල්‍ය වෛද්‍ය අංශයට අනුයුක්තව සේවය කරන හෙද නිලධාරිනියක වන මාධවී බුද්ධිකා රාජගුරු විසින් ගොනුකොට ඇති පෙත්සමක තීන්දුව දෙමින් විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. පෙත්සම්කාරිය කියා සිටින්නේ 2019 වසරේ මාර්තු මස 12 වනදා දියවැඩියා රෝගියකුගේ මහපට ඇඟිල්ල ඉවත් කිරීමේ සැත්කමක් සිදු කිරීම සඳහා තමා වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා සමග ශල්‍යගාරයට ගිය බවයි. එම සැත්කම කරන අවස්ථාවේදී අස්ථි කපා දැමීම සඳහා කතුරක් වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා විසින් තමාගෙන් ඉල්ලා සිටි බවත් තමා එම කතුර ඔහුට ලබා දුන් අතර එම කාර්යය සිදු කිරීමෙන් පසු තමා විසින් එම කතුර ට්‍රොලියේ තැබු බවත් පෙත්සම්කාරිය කියා සිටියාය.

සිහින කන්දරාවක් පොදි බැදන් පුතා රට රැකියවට යවපු දෙමව්පියන්ට අහන්න ලැබුණු අවාසනාවන්ත ආරංචිය..

සිහින කන්දරාවක් පොදි බැදන් පුතා රට රැකියවට යවපු දෙමව්පියන්ට අහන්න ලැබුණු අවාසනාවන්ත ආරංචිය..

එම අවස්ථාවේදී වග උත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා තමා අමතා "මම කිව්වේ ඕක මෙතන තියන්න කියලා" යැයි සඳහන් කළ බවත් ඉන් අනතුරුව ඔහු එම කතුර ගෙන තම හිසට දමා ගැසීම හේතුවෙන් තම හිසෙන් ලේ ගලන්නට පටන් ගත් බවත් පෙත්සම්කාරිය චෝදනා කළාය.

මෙම සිද්ධියෙන් පසු සහෝදර හෙදියක් පැමිණ තමන්ව එම ස්ථානයෙන් ඉවතට රැගෙන ගිය අතර පසුව රෝහල්ගත කළ බවත් පෙන්වා දෙන පෙත්සම්කාරිය දින දෙකකින් පසුව රෝහලින් පිටවී ගිය බවත් සඳහන් කර සිටියාය. මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනු කරමින් වග උත්තරකාර වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙම ක්‍රියාව තමා හිතාමතා සිදුකළ දෙයක් නොවන බවය.

අඹ ගසේදී කෙලවර වුනු අඹු-සැමි ආරවුල..

අඹ ගසේදී කෙලවර වුනු අඹු-සැමි ආරවුල..

එහෙත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ල සඳහන් කර ඇත්තේ මෙම සිද්ධියට අදාළව එම ස්ථානයේ සිටි රෝහල් සේවකයන් දෙදෙනකු දිවුරුම් ප්‍රකාශය ලබාදී ඇති බවත් සිද්ධිය වූ අවස්ථාවේ වගඋත්තරකාර වෛද්‍යවරයා කෝපාවිෂ්ට වී කතුර රැගෙන පෙත්සම්කාර හෙදියට පහරදී ඇති ආකාරය අනාවරණය වූ බවයි.

ඒ අනුව වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා සිද්ධිය වූ අවස්ථාවේ ඉතා කෝපාවිෂ්ඨව කටයුතු කර තිබෙන ආකාරය මනාව පැහැදිලි වන බවත් ඔහු කතුරෙන් පෙත්සම්කාරියට පහරදී ඇති බව තහවුරු වන බවත් විනිසුරු මඬුල්ල සඳහන් කර සිටියේය. ඒ අනුව අදාළ වෛද්‍යවරයා විසින් පෙත්සම්කාර හෙදියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ බහුතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.