බද්ද 20% අඩු වුණේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි ජනපති අනුරගේ සන්සුන්කම නිසාමයි - මලික්
හිටපු ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් එක්සත් ජනපදයෙන් මෙරට අපනයන වෙනුවෙන් පනවා තිබූ තීරු බද්ද 20% දක්වා අඩු කිරීමට හැකිවීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සන්සුන් හා ප්‍රායෝගික නායකත්වය පැසසුමට ලක් කර තිබෙනවා.
අඳාළ අදහස් පළ වී ඇත්තේ ඉංග්‍රීසි පුවත්පතක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී බව වාර්තා වේ.
ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ කලාපයේ අනෙකුත් රටවල් තීරු බදු සහන ලබා ගැනීම සඳහා ගුවන් යානා වැනි දැවැන්ත මිලදී ගැනීම්වලට එකඟ වූ නමුත් මෙරට එවැනි කිසිදු පොරොන්දුවක් නොදී මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූ බවයි.
එමෙන්ම මෙම තත්ත්වය රටට ලැබුණු විශාල ජයග්‍රහණයක් වශයෙන් ද හිටපු අමාත්‍යවරයා අර්ථ දක්වා තිබෙන බව සඳහන්.