තණමල්විල සිසුවියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් විදුහල්පති ඇතුළු 4කට අද ලැබුණු තීන්දුව.
තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ඇය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ විනය භාර ගුරුවරියන් දෙදෙනා ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ,ඔවුන් අද (14) වැල්ලවාය මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.
එහිදී නියෝග කෙරුණේ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරීමටයි.
සිද්ධියට අධාර අනුබල දීමේ චෝදනාව මත ඊයේ (13) පස්වරුවේ මෙම සැකකරුවන් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා.
