තමිල්නාඩුවම බලා සිටි මොහොත උදා වෙයි - හෙට උදේම නව මහ ඇමති ලෙස තලපති විජේ දිවුරුම් දෙන්න සැරසෙයි?
තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා බවට පත්වීමට අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාව තහවුරු කර ගැනීමට, ප්‍රකට නළු තලපති විජේ මේ වන විට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඔහු අද (08) දින එරට වෙලාවෙන් සවස 6.00ට පමණ තමිල්නාඩු ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආර්.වී. අර්ලේකර් හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර හෙට (09) දින උදෑසන 11.00ට පමණ මහ ඇමති ලෙස දිවුරුම් දෙනු ඇති බවට අපේක්ෂා කරන බවද එරට මාධ්‍ය වාර්තා දක්වයි.
ඉකුත් මස පැවති මැතිවරණයෙන් විජේගේ 'තමිළග වෙට්ට්‍රි කළගම්' (TVK) පක්ෂය විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව ඔවුන් තම මංගල මැතිවරණයේදීම ආසන 234කින් 108ක් දිනා ගනු ලැබුවේ, වසර 62කට ආසන්න කාලයක් තමිල්නාඩුව පාලනය කළ DMK සහ AIADMK පක්ෂ ඒකාධිකාරය බිඳ හෙළමින් වීම විශේෂ විය.
කෙසේ වුවද තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විජේට දැනුම් දී තිබුණේ ආසන 118ක බහුතරයක් අවශ්‍ය සභාවක, ආසන 113ක් සහිතව රජයක් පවත්වාගෙන යාමට නොහැකි බවයි.
තලපති විජේ ලංකාවට..ලොකුම ගැටලුව කච්චතිව් නෙවෙයි - සුබ පතන ගමන් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් කිව්ව තොන්ඩමන්
ඒ අනුව ඒ වන විට විජේ සතුව තිබුණේ ආසන 108ක් පමණක් බැවින් ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇත්තේ රජයක් පිහිටුවීමට නම් ඔහුට අවශ්‍ය ස්ථාවර බහුතරය සපුරා ගැනීමට සිදුවන බවයි.
මේ අතර DMK සන්ධානයෙන් ඉවත් වූ ඉන්දීය කොංග්‍රස් පක්ෂය, විජේ වාර්ගික පක්ෂ භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධාන ගතවීමෙන් වැළැකිය යුතු යන කොන්දේසිය මත ආසන පහක සහා ලබාදීමට එකඟතාව පළ කර ඇත.
පසුව VCK, CPI(M) සහ CPI යන පක්ෂ සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව එම පක්ෂ ද විජේට සහාය පළ කිරීමට එකඟ වී තිබෙන බව සඳහන්.
ඉන්දීය දේශපාලනයේ තවත් වෙනසක් - තමිල්නාඩුව පුදුම කරමින් සුපිරි නළු තලපති විජේට ලැබෙන්න යන දැවැන්ත සහය
කෙසේ වුවද මෙම පක්ෂ සියල්ලම මීට පෙර එම්. කේ ස්ටාලින්ගේ DMK පක්ෂයේ හිතවාදීන් වීමත් විශේෂත්වයක් ගෙන ඇත.
ඒ අනුව වාර්තා වන්නේ මේ වනවිට විජේ සතු මුළු ආසන සංඛ්‍යාව 121 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් VCK සහ වාමාංශික පක්ෂවලට කැබිනට් අමාත්‍ය ධුර හිමිවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් කර ඇත.