වත්තල ඉටිරෙදි කර්මාන්ත ශාලාවක ගින්නක්

Report

වත්තල මාබෝල, දූවවත්ත ප්‍රදේශයේ පිහිටි ඉටි රෙදි කර්මාන්ත ශාලාව අද (06) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවීමේ ඒකකය පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ ග්‍රෑන්ඩ්පාස් ගිනි නිවීමේ ඒකකය විසින් ගිනි නිවීමේ රථ 3ක් සමග නිලධාරීන් 13 දෙනෙකු යොමු කළ බවය.

මේ වන විට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බවද ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේය.

අද උදේ 8 සිට GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණයක් - හදිසි තීරණයට හේතුව මෙන්න

අද උදේ 8 සිට GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණයක් - හදිසි තීරණයට හේතුව මෙන්න