මෛත්‍රී වත් රවටා හිටපු හමුදාපති ඇතුළු හමුදා බුද්ධි ප්‍රධානීන් පාස්කු විමර්ශන විනාශ කළ විදිහ ගැන කළ බිහිසුණු පාපොච්චාරණය. - (VIDEO)
හිටපු හමුදාපති මහේෂ් සේනානායකත් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂත් එක්ව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන ද අන්දමින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ අරමුණුගත පරික්ෂණ කඩාකප්පල් කර නොමග යැවූ ආකාරය පිළිබඳව එවකට එම පරීක්ෂණ භාරව කටයුතු කළ අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඊයේ (25) බිහිසුණු හෙළිදරව්වක් සිදු කරනු ලැබුවා.
ශානි අබේසේකර අද මෙම හෙළිදරව්ව කළේ සුනන්ද දේශප්‍රිය විසින් රචිත පාස්කු ප්‍රහාරය, පාර රාජ්‍යයේ සෙවැනැල්ල සහ නොවිසඳුන අබිරහස් නම් ගවේෂණාත්මක කෘතිය ජනගත කිරීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් .
ඇත්ත වශයෙන්ම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසූ එම කතාව ඇහුවොත් එහි බිහිසුණු බව ඔබට වැටහේවි.