නිදහස් චතුරශ්‍රය අසළ පෙත්සමකට අත්සන් ලබාගැනීමේදී පොලිසිය සහ පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් [VIDEO]

Report

වගා ආයෝජන සඳහා ජනතාව ආයෝජනය කළ මුදල් නිදහස් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් අද (05) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ආරම්භ කර තිබේ. සිවිල් බුද්ධි පෙරමුණ විසින් සංවිධානය කර ඇති මෙම වැඩසටහනට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අදාළ පෙත්සමට අත්සන් කිරීම සඳහා පැමිණි සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය මහාවත්ත මහතා ඇතුළු පිරිසක් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබේ.

වගා ආයෝජන සඳහා ජනතාවගේ මුදල් ආයෝජනය කළ ආයතන කිහිපයක කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්හිටුවීම හේතුවෙන් එම ආයෝජකයින්ට අසාධාරණයක් සිදුව ඇති බව සංජය මහාවත්ත මහතා පවසයි.

මුළු රටම බියට පත් කරමින් එඩ්ස් ආසාදිතයන් ඉහළට - ලෝකයේ අඩුවෙද්දී ලංකාව 17 වැනි තැනට

මුළු රටම බියට පත් කරමින් එඩ්ස් ආසාදිතයන් ඉහළට - ලෝකයේ අඩුවෙද්දී ලංකාව 17 වැනි තැනට

එම ජනතාව වෙනුවෙන් රට පුරා මහජන පෙත්සමකට අත්සන් ලබාගැනීම ආරම්භ කර ඇති බවත්, එහිදී අත්සන් ලක්ෂ 10ක් ලබාගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කර තිබේ.

මෙම අවස්ථාවේදී සංජය මහාවත්ත මහතා ඇතුළු කිහිපදෙනෙකු අදහස් දක්වමින් වගා ආයෝජන සඳහා මුදල් යෙදවූ ජනතාව මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළහ.

අදාළ ආයෝජකයින්ගේ මුදල් නිදහස් කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරවීම මෙම මහජන පෙත්සමේ අරමුණ බව සිවිල් බුද්ධි පෙරමුණ සඳහන් කරයි.

ලංකාවේ පාසල් 6,000කට එකපාරටම ලැබෙන දැවැන්ත පහසුකම - ගමේ පාසල්වලටත් අධිවේගී ෆයිබර් අන්තර්ජාලය

ලංකාවේ පාසල් 6,000කට එකපාරටම ලැබෙන දැවැන්ත පහසුකම - ගමේ පාසල්වලටත් අධිවේගී ෆයිබර් අන්තර්ජාලය