ලංකාවේ පාසල් 6,000කට එකපාරටම ලැබෙන දැවැන්ත පහසුකම - ගමේ පාසල්වලටත් අධිවේගී ෆයිබර් අන්තර්ජාලය
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ “ගමට සන්නිවේදනය” ව්‍යාපෘතිය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ ව ක්‍රියාත්මක කරනු ලබන රජයේ සියලුම ද්විතීයික පාසල් සඳහා අධිවේගී ෆයිබර් අන්තර්ජාල පහසුකම් ලබා දීමේ ජාතික වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී
මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පිහිටි ද්විතීයික පාසල් 6,225ක් සඳහා අධිවේගී ෆයිබර් අන්තර්ජාල සබඳතා ලබා දෙන අතර එහි ප්‍රගතිය පහත පරිදි දැක්විය හැකිය.
ව්‍යාපෘතිය ආරම්භයට පෙර ෆයිබර් සබඳතා තිබූ පාසල් සංඛ්‍යාව – 1264
ව්‍යාපෘතිය යටතේ නව ෆයිබර් අන්තර්ජාල සබඳතා ලබා දුන් පාසල් සංඛ්‍යාව – 2,345
ෆයිබර් අන්තර්ජාල සබඳතා ලබාදෙමින් පවතින පාසල් සංඛ්‍යාව : 2,616
තවද මෙම ව්‍යාපෘතිය යටතේ පළාත් අනුව අධිවේගි ෆයිබර් අන්තර්ජාල සබඳතා ලබා දී ඇති පාසල් සංඛ්‍යාව පහත පරිදි දැක්විය හැකිය.
බස්නාහිර පළාත – පාසල් 285 •
මධ්‍යම පළාත – පාසල් 275
දකුණු පළාත- පාසල් 300
උතුරු පළාත – පාසල් 172
නැගෙනහිර පළාත – පාසල් 347
වයඹ පළාත – පාසල් 334
උතුරු මැද පළාත – පාසල් 153
ඌව පළාත – පාසල් 176
සබරගමුව පළාත – පාසල් 303
තවද එම පාසල් සඳහා මාසිකව රුපියල් 5,130 බැගින් වූ සීමාරහිත අන්තර්ජාල පැකේජ ලබා ගැනීමට 2026 වර්ෂයේ අයවැයෙන් රුපියල් මිලියන 150 ක මුදලක් ද වෙන් කොට ඇත.
ඒවගේම 2027,2028 වර්ෂවලදී දිවයිනේ සියලුම ප්‍රාථමික පාසල් 3,832 සඳහාද අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමටයි කටයුතු යොදා තිබේ.
එම ව්‍යාපෘතියේ ඉලක්කය වන්නේ ප්‍රාථමික පාසල් සඳහා ද මෙම පහසුකම සැපයීමෙන් අනතුරුව දිවයිනේ සියලු පාසල් අධිවේගි අන්තර්ජාල පහසුකම්වලින් සමන්විත කිරීමයි.
ඩිජිටල් අධ්‍යාපන සංකල්පය යථාර්ථයක් කරමින්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග යාවත්කාලින වෙමින්, ග්‍රාමීය හා නාගරික වෙනසකින් තොරව සියලු සිසුන්ට මෙන් ම ජනතාවට නූතන තොරතුරු තාක්ෂණික මෙවලම් වෙත සමාන ප්‍රවේශයක් ලබා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බවට පත්ව තිබේ